Daily News
Trending

ශලනි මාධ්‍ය මගහරින හේතුව.




ශලනි තාරකා කියන්නෙ පසුගිය කාලය පුරාවට බොහෝ දෙනෙක්ගේ විවේචන වලට මුහුන දෙන්න උන රංගන ශිල්පිනියක්. යම් යම් හේතු නිසා ශලනි වැඩිය පෙන්න හිටියෙත් නැහැ.ඇයව සම්බන්ද කරගන්න උත්සාහා කලත් ඒකට අවස්තාවක් ඇය දුන්නෙත් නැහැ. මෙහෙම නිහඩ වෙලා හිටපු ශලනි පසුගිය දවසක මාධ්‍ය එක්ක කතා කරලා තිබුනා.මිනිස්සු හරියට දේවල් නොදැන කතා කරන්න පටන් ගත්තම ඇයට උවමනා වෙලා නැහැ ඒවට පිලිතුරු බදින්න.මේ නිසා ඇය නිහඩවෙලා හිටියලු.ඒ වගෙම රංගනයෙන් පවා ටික දවසක් ඈත්වෙලා හිටියලු.ඒ කාලේ පුරාවටම ශලනි කරලා තියෙන්නෙ කවි සිංදු ලියපු එකලු. මේ වෙනකොට ශලනි ගී පද රචිකාවියක්.එ වගෙම මේ දින වල ඈගෙ දෙවෙනි ගීතයට සූදානම් වෙන ගමන්ලු ඉන්නෙ.අමාරු අවස්තාවෙ ඇගේ ලගින්ම හිටපු පිරිස මතක් කරන්නත් ඇය අමතක කරලා තිබුනෙ නැහැ.ශලනි මේ වෙලාවෙ කියලා තිබුනා ඇය මාධ්‍ය ඉදිරියට නොඑන හෙතුවත්.වෙච්ච සිදුවීමත් එක්ක පුවත්පත් කිහිපයක් මට මඩ ගැහුවා .මේ නිසා මට හැම මාධ්‍ය ගැනම කලකිරිමක් ඇති උනා.ඒකයි මම වැඩිය මාධ්‍යට නොආවෙ.දැනටත් මම තෝරාගත් පුවත්පත් එක්ක විතරයි කතා කරන්නෙ.ශලනි මාධ්‍යට නොඑන හේතුව කිව්වෙ එහෙමයි.

Tags
Show More
Close