Daily News
Trending

ශලනිට විශ් කරන්න ස්ටාර්ෆ්‍රෙන්ඩ්සලත් ගිහින්.-Exclusive Photos




පහුගිය දවසක ශලනි තාරුකා ඇගේ 28 වැනි උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දිනය වෙනුවෙන් එක එක විධියේ ස්ප්‍රයිස් පාර්ටි ඕර්ගනයිස් වෙලා තිබුණා. සමහරු මහ රෑ 12ට ශලාගේ නිදන කාමරයට කඩා පැන්නා. ඔය විධියේ එක එක ස්ප්‍රයිස් අතරේ ශලනිට විශ් කරන්න සුවිශේෂී පිරිසක් එකතු වුණා. ඒකත් ශලනිව පුදුමයට පත් කළ අවස්ථාවක් බව කියන්න ඕනේ.

කලා කරුවන් සමඟ කාලයක් තිස්සේ සමීපව කටයුතු කරන ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායම තමයි මේ ආකාරයට ශලනිට සුබපතන්න ඇයව සොයාගෙන ගියේ. ඉතාම චාම් ගවුමකින් සැරසී සිටි ශලනි ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායම ඉතාම ආදරයෙන් පිළිගත්තා.

ඇයගේ උපන්දිනය දවසේ සුබපතන්න ගෙදරට ආපු මේ කණ්ඩායම ශලනි වෙනුවෙන් ගෙනාපු ප්‍රණීත චොකලට් කේක් ගෙඩියකුත් කපලාම මේ සුන්දර අවස්ථාව තවත් රසවත් කළා.

ආදරණීය ශලා… ඔයාට සුබම සුබ උපන්දිනයක්.

ස්‍ටාර්ෆ්‍රෙන්ඩ්ස් සමඟ අත්වැල් බැඳගෙන සිටින හැමෝම මේ වෙලාවේ එකම හඬින් ඇයට සුබ පතන්නෙ ඒ විධියට.

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close