Daily News
Trending

ශලනිගේ අලි සෙල්ෆිය.Exclusive Photos

Shalani Tharaka




Shalani Tharaka Exclusive from Starfriends.lk

ශලනි (Shalani Tharaka) උඩවලවේ පැත්තේ සංචාරයක නිරතවෙලා තියෙනවා. උඩවලවේ කියන්නේ ඉතින් අලින්ගේ පාරාදීසයක්නේ. ඒත් අලියා කියන්නේ ලේසි පහසු සතෙක් නෙමෙයි. අලිත් එක්ක දුවලා බේරෙන්නත් බෑ. අලි මිනිස් ගැටුමෙන් කාලාන්තරයක් තිස්සේ අපේ අය බැටකනවා.

ඔයාලාට මතකද මෑතකදී දවසක එක මනුස්සයෙක් අලි මන්තරයකින් අලි මෙල්ල කරන්න ගිහින් වෙච්ච නස්පැත්තිය ? අලියට ඔය මොන මන්තරයක්වත් අල්ලන්නේ නෑ. ඌ බලා ඉද්දි අර මනුස්සයාව පාගලා මැරුවා. මේ සිද්ධිය අන්තර්ජාලය පුරා සංසරණය වුණා.

ඒ අල්ලපනල්ලේ ශලනිත් ඔන්න අලි සෙල්ෆියක් අන්තර්ජාලෙට එකතු කරලා. ශලනිගේ (Shalani Tharaka) අලි සෙල්ෆිය නම් ටිකක් ආරක්ශා සහිතව ගත්ත එකක් බව කියන්න ඕනේ. මොකද අලියා ඉන්නේ අලි වැටට එපිටින්. ශලනි වීරයා වගේ හොඳට හිනාවෙලා සෙල්ෆියට ෆේස් කරන්නේ අන්න ඒකයි.

කොහොම වුණත් මේ ඡායාරූපය දැක්කම ෆේස්බුක් එකේ පේජ් කාරයෝ නිකන් ඉන්නේ නෑනේ. ඉතින් ශලනිගේ අලි සෙල්ෆිය අරගෙන එක එක පෝස්ට් නිර්මාණය වෙලා තිබුණා. එහෙම නිර්මාණය වුණ එක පෝස්ට් එකක තිබුණේ අලියා මන්තර කියපු මනුස්සයාව පාගලා මැරුවාට මේ වගේ ලස්සන කෙල්ලන්ව දැක්කාම නම් පුදුමාකාර කීකරුයි කියලා. ඒ වගේ විනෝදාත්මක පෝස්ට් අස්සේ අපිට නම් කියන්න තියෙනේ මෙන්න මෙහෙම කතාවක්.

අලිත් එක්ක සෙල්ෆි ගන්න යන එක තරම් අවදානම් දෙයක් තවත් නැහැ. ශලනි (Shalani Tharaka) වගේ ආරක්ශිත තැනකදි සෙල්ෆියක් ගත්තාට අලි නරඹන්න යනවා නම් හරිම පරිස්සමෙන් යන්න ඕනේ. ආරක්ෂිත වැටක් තිබුණා කියලා, අලියෙක්ට කේන්ති ගියොත් අලිවැටත් කඩාගෙන එන්න උත්සාහ ගන්නවා. එහෙම වුණාම ඒ අහිංසක සතා නිරපරාදේ කරන්ට් එක වැදිලා පීඩාවට පත්වෙනවානේ. මේක අපි ඔයාලාට ආදරයෙන් කරන සිහිපත් කිරීමක් කියලත් කියන්න ඕනේ.

Shalani Tharaka Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close