Daily News
Trending

වෙන්වෙන්න දැන් ළඟයි. ඒ නිසා දුකයි – දිනක්ෂි ප්‍රියසාද්

Dinakshie Priyasad




Dinakshie Priyasad Exclusive from Starfriends.lk

දිනක්ෂි ප්‍රියසාද් (Dinakshie Priyasad ) මේ ළඟදි දවසක මාධ්‍යයට කියලා තිබුණේ වෙන්වීමේ දුකක් ගැන. වෙන්වීම කියන්නේ දුකක් නම් තමයි. විශේෂයෙන්ම ප්‍රියයන්ගෙන් වෙන් වීම අසීමත දුකක්. ජීවිතය කියන්නේම හමුවීම් සහ වෙන්වීම්වල මිශ්‍රණයකට. හැබැයි දිනක්ෂි නම් දැන් ඉන්නේ වෙන් වනවාට වඩා එක්වන්න සුදුසු වයසේ.

මේ දවස්වල ඉහළ ප්‍රෙක්ශක ප්‍රතිචාර එක්ක විකාශනය වන වෙස් නාට්‍යයේ අවසානය කෙමෙන් කෙමෙන් ළන්වන බව පේනවා. මෙහි දිනක්ෂි සහ සාරංග ( Dinakshie and Saranga) ප්‍රධාන චරිත නිරූපනය කරනවා. ඇත්තටම කියනවා නම් ආදරයත් වෛරයත් අතර දෝලනය වන ඉතාම සංවේදී කතාවක් කිව්වොත් නිවැරදියි. වෙස් නාට්‍යය අවසානයට ළං වීම සම්බන්ධයෙන් තමයි දිනක්ෂි මේ විධියට සඳහන් කරලා තිබුණේ. එක් කණ්ඩායමක් ලෙස එකට කටයුතු කරපු පිරිසකගෙන් ඈත්වන්න සිදුවීම දුකක් තමයි. ඒ වෙන්වීම වෘත්තීය මට්ටමේ වෙන්වීමක් නිසා කාටවත් හානියක් සිදුවන්නේ නැහැ. අපි තරහා වෙනවා. රණ්ඩු කරනවා. වාද කරගන්නවා. ඉතින් ඒ හැමෝගෙන්ම වෙන්වෙලා යන්න නම් දුකයි. දිනක්ෂි වෙස් කණ්ඩායමත් සමඟ තිබෙන බැඳීම විස්තර කරලා තිබුණේ එහෙම

දිනක්ෂි මේ දිනවල වේදිකාවේ දැකගන්න ලැබෙනවා. ඒ පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍යයෙන්. ඒ නාට්‍යයටද දිනක්ෂි සමඟ සාරංග එක්ව සිටිනවා. වේදිකාවේ දී තමන් සියයට සියයක් සාර්ථක නැහැ කියන්න තරම් දිනක්ෂි නිහතමානී වෙනවා. හැබැයි ඇය වේදිකාවේ රඟපෑමෙන් විශාල තෘප්තියක් ලබන බවත් කියනවා. දිනක්ෂි වේදිකාවට ආධුනිකයෙක් නිසා ඇය මුලදි මේ ඉල්ලීම පවා ප්‍රතික්ෂේප කළා ලු.

දිනක්ෂි (Dinakshie Priyasad ) තමන්ගේ නංගී ශේෂාද්‍රී (sheshadrie) ගැනත් හරිම සතුටින් කතා කරනවා. මේ දවස්වල ශේෂාද්‍රි ප්‍රවීණා නාට්‍යයේ ප්‍රවීනාට හඬකවනවාලු. ඒ වගේම හොඳ නිර්මාණයකින් ඇයව දැකගන්න ලැබෙනකල් ආසාවෙන් සිටින බවත් ඇය කියනවා. දිනක්ෂි ජීවිතේ ලොකු ලොකු ප්ලෑන් ගහලා වැඩ කරන්නේ නැහැ ලු. රංඟන කටයුතු සමඟ ජීවිතයට මුහුණදෙන්න තමයි ඇය කැමැති. අපි ඇගේ එම ගමනට ආශිර්වාද කරනවා.

Dinakshie Priyasad Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close