GossipsHollywood & Bollywood
Trending

විල් ස්මිත්ට ටජ්මහල දැකලා පුදුම හිතිලා.




කරන් ජෝහාර්ගේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටයට සුප්‍රකට හොලිවුඩ් නළු විල්ස්මිත්ව තෝරාගෙන තිබෙනවා. සිනමාවේ දැවැන්තයකු වන විල් ස්මිත් බොලිවුඩ් සිනමාවට ආගමනය එක්තරා විදියක සුවිශේෂී අවස්ථාවක් බව කිව යුතුයි. විල් ස්මිත් සමඟ රංඟනයට සුරූපී මෙන්ම ලෝක රූ රැජිණක් ද වන අයිශ්චර්යා රායි සම්බන්ධ වීමට නියමිත බවත් බොලිවුඩ් ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණා. ඉන්දියාවට ආපු වෙලේ විල් ස්මිත් චිත්‍රපටයේ ගීතයක රූගත කිරීමකටත් සහභාගී වුණා. ඒ වගේම ආක්ශේ කුමාර් සංවිධානය කරපු පාර්ටි එකකටත් විල් ස්මිත් සහභාගී වුණා. ඔහුගේ ඉන්දීය ගමනේ අමතක නොවන අත්දැකීමක් තිබුණා. ඒ තමයි ටජ්මහල් නරඹන්නට ගියපු අවස්ථාව. ටජ්මහල් ඉදිරිපිට විවිධ ඉරියව්වෙන් ඡායාරූප කිහිපයක්ද ගන්න විල් ස්මිත් අමතක කළේ නෑ. එදා ටජ්මහල් නරඹන්න ආපු අයත් එක්කත් විල් ස්මිත්ට ඡායාරූපවලට පෙනී සිටින්නත් සිදුවුණා.

කොහොම වුණත් ටජ්මහල් දැකලා විල්ස්මිත් පුදුමයට පත් වෙනවා. ආදරයක් වෙනුවෙන් මේ තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා හිතද්දි විල්ස්මිත්ට අදහා ගන්න බැරිවුණාලු.

Tags
Show More
Close