Daily News
Trending

විනූට සිදුවූ හදිසි අනතුර…




විනූ සිරිවර්ධන රාත්‍රී ඇඳුම පිටින්ම මහ පාරේ වැටිලා ඉන්න වීඩියෝවක් අන්තර්ජාලයේ එහෙට මෙහෙට සැරිසරනවා දැක්කානේ. ඒ සිදුවීම වෙන්නේ රාත්‍රියක කියලා තමයි බැලූබැල්මට පේන්නේ. විනූගේ නළලේ ලේ සහිත තුවාලයකුත් තියෙනවා. ඒක වැටීමෙන් ඇතිවුණ එකක් වියහැකියි.

ඉතිං මේ වීඩියෝව ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට තමයි ඇත්තටම මොකද වුණේ කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒක මේ කැම්පස් කොල්ලො ටිකක් එකතුවෙලා කරන ෂූට් එකක්ලු. විනූ එයාලගේ වැඩේට සෑහෙන කැපවීමෙන් සම්බන්ධ වෙලා තියෙනවා.

පුංචි තිරයට ආවම පාට පාට ලස්සන නිර්මාණ වුණාට ඒ නිර්මාණ පාට කරන්න රංඟන ශිල්පීන් ශිල්පිනියන් කොහොම කට්ටක් කනවා ඇද්ද?

රූගත කිරීමක් ලයිව් දැක්කමයි එයාලා කන කට්ට පේන්නෙ. විනූ නම් ඉතිං ඒ වගේ වගක් නැතිව හොඳට හිනාවෙලා කියලා ඉන්නවා. වැඩේට ආස වුණාම ඉතිං එහෙමනේ.

කොහොම හරි මේ රූගතකිරීම සිද්ධ වුණෙ මහ රෑ. හිතන්නකො මහ රෑ නයිටි හවුස්කෝට් ඇඳගෙන මහපාර මැද්දෙ ඇදගෙන වැටෙන්න වුණාම තියෙන සනීපය.

විනූ නම් ඉතිං බොහොම ඕනෑකමින් තමයි රූගතකිරීම්වලට සම්බන්ධ වෙලා හිටියේ. මේ දවස්වල විනූව වෙස් නාට්‍යයෙනුත් ඔයාලට මුණගැහෙනවා. ඒ රංඟනයටත් සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙන බව තමයි අපිට දැනගන්න ලැබුණේ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close