GossipsHollywood & Bollywood
Trending

වැඩිම මුදලක් අය කරන බොලිවුඩ් නිළියන් දසදෙනා

10 highest paid Bollywood actresses




10 highest paid Bollywood actresses Exclusive from Starfriends.lk

දැවැන්ත බොලිවුඩ් සිනමාවේ වැඩිම අයකිරීම් කරන්නේ නළුවන්ද? එහෙමත් නැතිනම් නිළියන්ද? ඒ ප්‍රශ්නයට පිළිතුර නළුවන් වුණත් බොලිවුඩ් නිළියන් ද නළුවන් සමඟ කරට කර සටනක නිරත වෙනවා.

ඒ අනුව බොලිවුඩ් නිළියන් අතරින් රංඟනය සඳහා වැඩිම මුදලක් අය කරන දස දෙනකුගේ නාම ලේඛනයක් අප වෙත ලැබී තිබෙනවා. සිනමා සම්බන්ධයෙන් උනන්දු, අපේ රසික රසිකාවන් වෙනුවෙන් අපි ඒ අපූරු ලිස්ට් එක ඉදිරිපත් කරන්න අදහස් කළා.

1) දීපිකා පදුකෝන්

2018 වසරේදී ඉන්දියාවේ වැඩිම මුදලක් අය කළ රංඟන ශිල්පිනිය බවට පත් වන්නේ දීපිකා. පසුගිය වසරේ ඇය රඟපෑ චිත්‍රපට අතිශය සාර්ථක වුණා. පද්මාවත් කියන්නේ ඒ අතරින් එකක්. දීපිකා චිත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 14-15ත් අතර මුදලක් අය කරනවාලු.

2) ප්‍රියංකා චොප්රා

ප්‍රියංකා හොලිවුඩ් සිනමාව සේම බොලිවුඩ් සිනමාව ද දික්විජය කරපු නිළියක්. ඇය චිත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 13ක මුදලක් අය කරනවා.

3) කරීනා කපූර්

කරීනා මේ යුගයේ නිළියක් වුණත් අධ්‍යක්ෂවරුන් ඇයට ලබාදෙන වටිනාකමේ අඩුවක් පේන්න නැහැ. කරීනාට චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 11ක මුදලක් ගෙවනවා.

4) කත්‍රිනා කයිෆ්

2018 වසරේ දී කත්‍රිනා කයිෆ් චිත්‍රපටයක රංඟනය උදෙසා ඉන්දීය රුපියල් කෝටි 10ක මුදලක් අය කරනවා.

5) අනුශ්කා ෂර්මා

අනුශ්කා ශර්මා 2018 වසරේ සාර්ථක වූ සිනමා නිර්මාණ කිහිපයකම දකින්න ලැබුණා. ඇය එක් නිර්මාණයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 9ක මුදලක් අය කරනවා.

කන්ගනා රනවුට්, ආලියාබාත්, සෝනම් කපූර් යන නිළියන් ද වැඩිම මුදලක් අය කරන දස දෙනා අතර සිටිනවා. ඔවුන් තිදෙනා පිළිවෙලින් ඉන්දීය රුපියල් කෝටි 10ක් ,08ක් සහ 07ක් අය කරනවා.

බොලිවුඩ් සිනමාවේ එක්තරා සලකුණක් තබා සිටින විද්‍යාබාලන් සිනමා නිර්මාණයක රංඟනය උදෙසා ඉන්දීය රුපියල් කෝටි 7ක් අය කරන අතර ශ්‍රද්ධා කපූර් ඉන්දීය රුපියල් කෝටි 6-7 අතර මුදලක් අය කරන බව වාර්තා වෙනවා.

10 highest paid Bollywood actresses Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close