Daily News
Trending

වැඩසටහනක් අතරතුර විශ්වට කරදරයක්. හැමෝගෙන්ම සමාවත් ඉල්ලලා.




විශ්ව ලංකා කියන්නෙ රංඟනයට වගේම නිවේදනයටත් එක වගේ දක්ෂ කෙනෙක්. ඒ වගේම ගායනයටත් විශ්ව එක වගේ දක්ෂයි. ඔය අතරෙ විශ්ව නිෂ්පාදන කාර්යයටත් අත තියනවා. මේ සේරම අතරෙ තමයි විශ්වට මේ අකරතැබ්බට මුහුණ දෙන්න සිදුවෙන්නෙ. දවසක් රූපවාහිනී වෑසටහනක් කර කර සිටින අතරතුර විශ්ව පඩිපෙළකින් බහින්න යනවා. ඇත්තටම ඒක පඩි පෙළක් නෙමෙයි. කොහොම හරි මේ අනපේක්ෂිත අවස්ථාවට මුහුණ දීපු විශ්වගේ කකුලෙ මාංෂපේශී ඉරීමක් සිදුවෙනවා. ඒත් ඒ වෙලාවෙ විශ්ව ඒ වේදනාව දරාගෙන වැඩසටහන අවසන් කළත් ගෙදර ගියාම ඇවිදගන්න බැරිවෙනවා. හැමදෙටම හයියට ඉන්නෙ විශ්වගෙ බිරිය. කකුලෙ අමාරුව නිසා විශ්වට කරගෙන ආපු ගොඩක් වැඩ නතර කරන්න සිදුවෙනවා. මේ දවස් ටිකේ භාරගත්ත වැඩ කිසි දෙයක් කරගන්න බැරිවුණාට විශ්ව හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. සාමාන්යයෙන් විශ්ව කිසිම කෙනෙක්ට පොළු තියන්නෙ නැහැලු. ඒ නිසා මේ අනපේක්ෂිත සිදුවීම නිසා එයාගෙ අතින් වෙච්ච අතපසුවීම් වලට විශ්ව හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.

Show More
Close