Daily News
Trending

“වස්සානයේ සඳ” නිසා අනූජ් ඇත්තටම ආබාධිත වෙලා…




මේ දවස්වල උදයකාන්ත වර්ණසූරියගේ වස්සානයේ සඳ දිවයින පුරා ප්‍රදර්ශනය වෙනවා කියලා ඔයාලා දන්නවනෙ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවන්නෙ අනූජ් රණසිංහ.

අනපේක්ෂිත රිය අනතුරක් නිසා අනූජ්ගේ ජීවිතය නොසිතූ වෙනසකට පරිවර්තනය වෙනවා. ආදරය කරපු පෙම්වතිය පවා අනූජ්ගෙන් ඈත් වෙනවා. ඒත් ඒ අනතුර නිසාම ඔහුට පළමු පෙම්වතිය මුණගැහෙනවා. ආදරය කියන්නෙ හරිම ගැඹුරු හැඟීමක්. ඒක පොතක් පෙරලනවා වගේ අවසානයක් දකින්න පුළුවන් හැඟීමක් නෙමෙයි. අනූජ් තමන්ගේ ආදරය ගැන ඒ විදියට විස්තර කරනවා.

මේ සංවේදී ආදර කතාව සිනමාවට ගෙනාවේ උදයකාන්තගේ වස්සානයේ සඳ චිත්‍රපටයෙන්. අනූජ්ට මේ කතාවෙදි ආබාධිත තරුණයකු සේ රඟපාන්න සිදුවෙනවා. ඒ රංඟනය අනූජ්ට තරමක අභියෝගයක් වුනා. ඉතිං මුලදි අනූජ්ගේ රංගනය ඕවර් ගියාලු. පස්සේ උදයකාන්තගේ මෙහෙය වීමෙන් අනූජ් තාත්වික රංඟනයක නිරත වෙනවා. අනූජ් මේ චරිතයට කොයිතරම් අනුගත වුණාද කියනවා නම් රූගත කිරීම් පුරාවටම එයා හිටියේ ආබාධිත තරුණයකුගේ හැඟීමෙන් ලු. සමහර වෙලාවට පියුමියි ඕෂධියි අනූජ්ට හිනා වෙනවලු බුම්මාගෙන ඉන්නවා කියලා. මොකද අනූජ් ඉඳලා තියෙන්නෙ ඇත්තටම කකුල පණ නැතිවෙච්චි ගාණට.

Show More

Related Articles

Close