Daily News
Trending

වසර තුනකට පස්සෙ නතාෂාගෙන් ආරාධනාවක්. ආරාධනාවට ප්‍රිහාන් නැ …




නටාෂා ප්‍රිහාන් සුසංයෝගයෙන් ලස්සන ගීත නිර්මාණ බිහිවුණානෙ. මේ නිර්මාණ ගනුදෙනුව ඊට පස්සෙ විවාහයෙන් තමයි කෙළවර වෙන්නෙ. ඊටත් පස්සෙ නතාෂා වැඩිපුර පේන්න හිටියෙ නැහැ. ඒ අතරෙ තමයි නතාෂාගෙ මිහිරි කටහඬ ගීතයකින් ඇහෙන්න පටන්ගන්නෙ. නතාෂා මේ විදියට ගීතයක් ගායනා කරන්නෙ අවුරුදු තුනකට විතර පස්සෙලු. “ආරාධනා” කියලා තමයි මේ ගීතය හඳුන්වලා තියෙන්නෙ. තමන් ආදරය කරන කෙනා හැර වෙන කෙනෙක් එක්ක විවාහවෙන්න සිදුවන පුවතක් තමයි ගීතයෙන් කියවෙන්නෙ. ආරාධනා පත දීලා විවාහයට හැඬූ කඳුලින් යන්න වෙන සංවේදී ආදර ගීතයක්. හුඟක් අය හිතුවත් මේ ගීතය නතාෂා ප්‍රිහාන් සුසංයෝගයෙන් බිහිවෙයි කියලා, එහෙම වුණේ නෑ. මේක ගායනා කරන්නෙ නතාෂා තනියම. ගී පද අචලා සොලමන්ස් ගෙ. ඉදිරියෙදි මේ ගීතයේ මියුසික් වීඩියෝවත් රිලීස්වෙයි. එතකොට අපි මේ ගැන තව වැඩි විස්තර කතා කරමු.

Tags
Show More
Close