Daily News
Trending

වසරේ අපූර්වතම සිනමා අත්දැකීම RUSH.




යාළුවෝ කොච්චර හිටියත් අපිට ඒ හැම යාළුවෙක් එක්කම ජීවිතය බෙදාගන්න බැහැ. ඒත් මට උඹත් එක්ක මගේ ජීවිතය බෙදාගන්න පුළුවන්. උද්දික ප්‍රේමරත්න හෙවත් රශ්, සාරංග හෙවත් ශාන්ව මිතුරෙක් කරගන්නේ අන්න ඒ විශ්වාසයෙන්. රශ්ට අහිමි වස්තුවක් තව කාට හරි අයිති වෙන්න යනවා නම් රශ් ඒක කාටවත් ලබාගන්න ඉඩදෙන්නේ නැහැ. ජීවතයේ සමහර දේවල් බොහොම ලස්සනට පෙළගැසුනාට ඒ සියල්ල වෙනස්වන එක මොහොතක් එනවා. රශ් තුලින් කියවෙන්නේ අන්න ඒ හැඟීම ගැන. ආදරය කියලා කියන්නේ ලේ වුණත් කිරට හරවන්න පුළුවන් උත්තරීතර හැඟීමකට. රශ් සිනමා නිර්මාණය පුරා අපිට ඒ උත්තරීතර ආදරය අත්විඳින්න ලැබෙනවා.

වර්තමාන රංඟන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය සහ අති දක්ෂ රංඟන ශිල්පීන් දෙදෙනකු වන උද්දික ප්‍රේමරත්න සහ සාරංග දිසාසේකර රශ් සිනමා කෘතියෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඊට අමතරව අසංකි ද සිල්වා, ප්‍රවිණ රංශන ශිල්පී සනත් ගුණතිලක, ලකී ඩයස්, අනුලා කරුණාතිලක, ජනිත් වික්‍රමගේ, හර්ෂ තෙන්නකෝන්, ජනිත් ඉරෝෂන්, යුරේනි නොෂිකා, අජිත් වීරසිංහ, සුජීව ඩයස්, ශ්‍රීමාලි ෆොන්සේකා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි අදී රංඟන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් රශ් සමග එකතු වී සිටිනවා.

රශ් ලෙසින් අතිශය සුන්දර සිනමා නිර්මාණයක් ගෙන එන අධ්‍යක්ෂවරයා වන්නේ මහේෂ් මුණසිංහ. මෙහි දෙබස් රචනයෙන් අමිල තේනුවර සම්බන්ධවන අතර රචනය කැලුම් කුලරත්නගේ. රශ් හි සංගීතය නිර්මාණය කරන්නේ එරංග ජයවර්ධන. ඉදිරියේ දී තරගත වීමට නියමිත මෙම රශ් චිත්‍රපටයෙහි පූර්ව ප්‍රචාරක පටය නිකුත් කෙරුණේ පසුගිය 14 වැනිදා. පෙම්වතුන්ගේ දිනයෙදි සිනමා රසික රසිකාවියන් අතරට ආපු රශ් ට්‍රේලර් එක මේ වන විටත් විශාල ප්‍රේක්ශක ආදරයක් දිනාගෙන අවසන්.

නුදුරු දිනක සිනමා ශාලා වෙත සමීපවන රශ් සිනමා නිර්මාණය ඉහළ ප්‍රමිතියකින් නිර්මාණය වී ඇති බව එහි පූර්ව ප්‍රචාරක පටය සාක්ෂි දෙනවා. වැඩි විස්තර පසුවට තබා රශ් ට්‍රේලර් එක රසවිඳින්න එක්වන්න කියලා අපිත් ඔයාලාට ආරාධනා කරනවා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close