Daily News
Trending

වයසයි ඇඟයි නිසා ලොකු චරිත කරන්න බැහැ.- සංගීත් රත්නායක




බදුල්ලේ ඉපදිලා අනුරාධපුරේ හැදිලා වැඩිලා රඟපාන්න කොළඹ ආපු සංගීත්ට මේ ගමනේ ඇති වටිනාකම හොඳින්ම වැටහෙනවා. ඒ නිසා මේක ඔහු හරිම පරිස්සමෙන් යන ගමනක්. සංගීත්ට හොඳ ගමනක් තියෙන බව ජනප්‍රිය සහ දක්ශ රංඟන ශිල්පියෙක් වන ධනංජය සිරිවර්ධන පවා කියලා තිබුණා. සංගීත්ගේ උපන්දිනයට සුබපතන ගමන් ධනංජය සංගීත් වෙනුවෙන් නිහතමානී සටහනක් පළකරලා තමයි මේ කතාව කියන්නේ. එතැනදී ධනංජයගේ නිහතමානීකම අපි අගය කරනවා.

මේ දිනවලා විකාශයවන පූරි, සිල්ලර සමනල්ලු, පන්සල යන ටෙලිනාට්‍යවලින් සංගීත්ව දකින්න ලැබෙනවා. මියුසික් වීඩියෝවලත් සංගීත්ව දකින්න ලැබුණා. තවම වයසින් අඩු නිසාත් ශරීරයෙන් පුංචි නිසාත් සංගීත්ට ලොකු ලොකු චරිත හමුවෙන්නේ නැහැ කියලා තමයි ඔහු කියන්නේ. ඒ නිසා හුඟක් වැඩිහිටිත් නොවන හුඟක් බාලත් නොවන චරිත නිරූපන තමයි දැනට සංගීත්ට හිමිවෙන්නේ.
සංගීත් රංඟනයට ඇවිත් හැබෑ කරන්නේ ඔහුගේ අම්මා දැකපු හීනයක්. මොකද සංගීත්ගේ අම්මාටත් රංඟනයට පිවිසීමේ ආසාවක් තිබිලා තියෙනවා. ඉතින් ඇයට අත්පත් කරගන්න බැරිවුණ සිහිනය පුතා අත්පත් කරගන්නවා කියන්නේ අම්මා කෙනෙක්ට සතුටක්. සංගීත් ප්‍රභූ ශංඛපත්ම රත්නායක. ඒ තමයි සංගීත්ට අම්මා දාපු නම. මෙතන ප්‍රභූ කියන්නේ ඒ කාලේ අම්මා වඩාත් ප්‍රිය කරපු නළුවාගේ නම. දැන් ඔයාලට හිතාගන්න පුළුවන් නේද සංගීත් මේ හැබෑ කරගන්නේ සුළුපටු හීනයක් නෙමෙයි කියලා. දවසක දක්ෂ නළුවෙක් වෙන එක තමයි සංගීත්ගේ හීනය. හැමෝම ඔහුට දක්ෂයි කියලා කියනවා අහන්න ඔහු කැමතියි.

සංගීත් දක්ෂයෙක් බවට දැනටමත් අවිවාදයක් නැහැ. ඒත් රංඟනය කියන්නේ පුළුල් විෂයක්. ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා. ඒ නිසා සංගීත් හිතන විදිය හරි කියලයි අපිටත් පේන්නේ.

Tags
Show More
Close