GossipsHollywood & Bollywood
Trending

ලෝකයේම මුල් තැන කිංග් ඛාන්ට. දෙවැනි තැන බිග් බී ට.-Exclusive Photos




ලෝකයේ ධනවත්ම නළුවන් අතර මුල් තැන ඉන්දියානු සුපිරි නළු ශාරුක් ඛාන්ට හිමි වී තිබෙනවා. ඉන්දියානු නළුනිළියන් අතරින් ධනවත්කම අතින් දෙවැනි ස්ථානය හිමි වන්නේ අමිතාබ් භච්චන්ට.

ඉන්දියානු නළු නිළියන් අතරින් පිළිවලින් සල්මන් ඛාන්, අමීර් ඛාන්, සයිෆ් අලි ඛාන් සහ කමල් හසන් ධනවත්කමින් සෙසු ස්ථාන දිනා ගන්නවා.

ලෝකයේම ධනවත් නළුවන් අතර පෙරමුණ ගැනීමට ඉන්දීය නළුවකු සමත් වීම බොලිවුඩ් සිනමා කර්මාන්තය පිළිබඳ සුබවාදී අදහස් ඇති කරනවා. ශාරුක් ඛාන්ගේ සම්පූර්ණ වත්කම ඩොලර් මිලියන 600ක් බව සඳහන් වනවා.

ශාරුක් මේ තරම් සුවිශාල ධනස්කන්ධයකට හිමිකම් කියන්නේ රංඟන ශිල්පියකු ලෙස අත්පත් කරගත් සාර්ථකත්වයෙන් පමණක් නොවෙයි. ඔහු සතුව සුපිරි මෝටර් රථ වගේම ඩුබායි, ලන්ඩන් නුවර මුම්බායි ආදී ස්ථානවල විශාල වත්කම් ප්‍රමාණයක් විසිරී තිබෙනවා. ශාරුක් ඛාන්ට අයත් රෙඩ් චිලීස් සිනමා සමාගම ද අතිෂය සාර්ථක තත්ත්වයේ පසුවන බව කිව යුතුයි. ඒ වගේම විවිධ ආයෝජනවලට අමතරව ඔහු සතුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම දායකත්වය ද තිබෙනවා. මේ සියල්ල ඔහුව ධනවතුන් අතර පෙරමුණට ගෙන එන්නට සමත් වනවා.

ධනවත්කම අතින් ශාරුක් ට පමණක් දෙවැනි වන බිග් බී නොහොත් අමිතාබ් භච්චන්ගේ වත්කම් ප්‍රකාශනය ප්‍රසිද්ධියට පත් කරන්නට සිදුවන්නේ ඔහුගේ බිරිය නිසයි. ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ සභා මන්ත්‍රීවරියක් වන ඡායා භච්චන්ට මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට පෙර සිය වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරන්න සිදුවනවා.
ඒ අනුව අමිතාබ් ට වර්ග කිලෝමීටර් 3175ක සුවිසක් නිවසක් ප්‍රංශයේ ඇති බව අනාවරණය වනවා. ඊට අමතරව බෝපාල්, නෙයිඩා, දිල්ලි, මුම්බායි, අහමදාබාද්, නගර වලද ඔහුට අයත් සුඛෝපභෝගී නිවෙස් පිහිටා තිබෙනවා. දවුලට්පූර් සහ ලක්නව් හි අමිතාබ්ට අයත් ඉඩම් ද ඇති බව කියවෙනවා. ඒ වගේම අමිතාබ්, අයිශ් ඇතුළු සියල්ලන්ගේම මහගෙදර සේ සැලකෙන ප්‍රතීක්ෂා බංගලාව ද මේ වත්කම්වලට ඇතුළත් වෙනවා.

කිංග් ඛාන් හෙවත් ශාරුක් ඛාන් නම් මේ ගමන එන්න සෑහෙන කට්ටක් කනවා. අමිතාබ් ගේ දෙමාපියන්ට යම් වත්කමක් තිබුණත් අමිතාබ් ඉතා සාර්ථකව මේ ෆීල්ඩ් එකේ පවතිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අද ඔවුන් ඉදිරියෙන්ම ඉන්නවා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close