GossipsHollywood & Bollywood
Trending

ලොවක් වසඟයට ගත් සුපිරි සටන් නළුවා රංඟනයට සමුදෙයි.




ඇත්තටම මේ කියන්න යන්නේ ලෝකය පුරා සිටින සිනමා රසික රසිකාවියන්ව දුකට පත් කරපු ප්‍රවෘත්තියක්.

බොලිවුඩ් සිනමාවේ සුපිරි සටන් නළුවා වන ජැකී චෑන් සටන් ජවනිකා වලට සමුදෙන බව නිවේදනය කරනවා. මේ පුවත සිනමා ලෝලීන්ට ඉතා දුක්මුසු එකක් වුණා.

ජැකී චෑන් රංඟනයෙන් දායක වූ සටන් ජවනිකා සහිත චිත්‍රපට සියල්ලම පාහේ ආදායම් වාර්තා බිඳ හෙලන්නට සමත් වුණා. මේ වනවිට ජැකී චෑන්ට වයස අවුරුදු 63යි. ඔහු ඉදිරියේදී සටන් ජවනිකා සහිත චිත්‍රපට භාර නොගන්නා බව තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නෙ.

ඇත්තටම ඔහු මෙම තීරණය ගන්නේ වයස නිසාම නෙමෙයි. ඔහු හිතනවා ජීවිත කාලය පුරාවටම සටන් නළුවකු පමණක් වීම තේරුමක් නැහැ කියලා. ඉතිං ජැකී චෑන් වෙනස් රංඟනයකින් සිනමාවට ප්‍රවේශ වීමේ අරමුණින් තමයි මේ අසීරු තීරණය ගන්නේ.

ඒත් ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ නම් ඔහුගේ වයස පිළිබඳව සිතා මෙම තීරණය ගත් බවක්.

කොහොම වුණත් සිනමාවේ සුපිරි සටන් කරුවා ලෙස ඔහු මේ වනවිටත් අභිෂේක ලබා අවසන්. ඉතිං ජැකීට අවශ්‍ය වෙනවා ඔහුගේ රංඟන ජීවිතයේ වෙනසක් දකින්න. ඒකාකාරී සටන් ජවනිකා වලින් ඈත් වෙලා ජැකී වෙනස් රංඟනයක් සමඟ ඉදිරියටත් සිනමාවේ රැඳී සිටීවි. ඒ නිසා ජැකී චෑන්ගෙ තීරණය පිළිබඳ දුක්වන අයට මද අස්වැසීමක් ලැබුණා.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close