Daily News
Trending

ලබන වසරේ තාරුකාත් කූඩු වෙන ලකුණු.




තාරුකා වන්නිආරච්චි මේ දිනවල ටිකක් වෙනස් කතා තේමාවක් සහිත නිර්මාණයකින් අපිට මුණගැහෙනවා. ඒ ස්වාධීන රූපවාහිනියෙන් විකාශයවන අහිමි කියන ටෙලි නාට්‍යය. හරිම නපුරු, ඒවගේම නංගිට හුඟක් ආදරේ කරන අයියා කෙනෙක් එක්ක රස්තියාදුකාර කොල්ලෙක්ට ආදරය කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒක මොන වගේ කතාවක් ද කියලා ඔයාලම බලන්නකෝ.

මේ කතාව ඊට ටිකා..ක් වෙනස්. තාරුකා රංඟනයට එන්නේ වාසනාවයි දක්ෂකමයි සුන්දරත්වයයි තුරුළු කරගෙන. ඒ නිසා ඇය බොහෝ දුර ගමනක් යන බව පේනවා.

මේ තරම් සුන්දර තරුණියක් විවාහ කර ගන්න වාසනාවන්තයා කවුරු වෙන්න පුළුවන්ද? දැන් ඉතින් විවාහයටත් කාලේ හරිනේ.

තාරුකා මෙහෙම අහන අයට නම් කියන්නේ දැන්ම ඒ ගැන කියන්නේ නෑ කියලා. ෆීල්ඩ් එකේ කවුරුවත්ම තාරුකාට ආදර යෝජනා කරලා නැහැලු. ඒ වුණාට ඉතින් ලබන අවුරුද්ද වෙද්දී විවාහ වෙන්න ඕනේ කියන අදහසත් තාරුකාට තියෙනවා.

ඒ කියන්නේ ඔන්න තාරුකා වන්නිආරච්චි ලබන වසරේ විවාහ වෙන බවට ඉඟි පළකරනවා. අපි ඒ ගැන වැඩිපුර විස්තර ආයේ දවසක ඔයාලට කියන්නම්කෝ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close