
රෝහිත රාජපක්ෂයි ටට්යානායි විවාහ වෙලා තවම වැඩි කාලයක් නැහැ. ඒ විවාහයේ විස්තර තවමත් කතා වෙනවා. විශේෂයෙන්ම ටට්යානාගේ ආකර්ශනීය පෙනුම ගැන හුඟක් අය කතා වෙනවා.
මේ දෙන්නාගේ වෙඩින් එකත් ලොකුවට කතාබහක් ඇති කළා. මහින්ද රාජපක්ෂ මහත්තයාට හුඟාක්ම සමීප මදුමාධව අරවින්දට වෙඩින් එකට ඉන්වයිට් කරලා නෑ කියලත් කතාවක් ගියා. මදූ එදා රංඟන ශිල්පී මංජුල මොරගහා ගේ වෙඩින් එකට සහභාගී වෙලා දීර්ඝ ෆේස්බුක් සටහනකුත් එකතු කරලා තිබුණා.
කොහොම හරි මේ විධියට රෝහිත ටට්යානා විවාහයේ උණුසුම මැකිලා යන්නත් කලින් මේ දෙන්නා අතරට අමුත්තෙක් ඇවිත් තියෙනවා. දැකපු විදියට නම් ඒ චූටි පැංචෙක්. අලුත බැඳපු කපල් එක පොඩී අත දරුවෙක්ව වඩාගෙන ඡායාරූපයක් සමාජ ජාලයට මුදාහරිනවා. එහි සඳහන් වෙලා තිබුණේ විවාහයෙන් සතියකට පසු කියලා.
ඒක නම් ඉතිං කොහොමටවත් වෙන්න බැහැ තමයි. හැබැයි ඉතින් මේ දෙන්නා අතරට දරුවෙක් එනවා නම් ඒක විවාහය තරමටම උණුසුම් පුවතක් වේවි.
ටට්යානාට කොහොමටත් කුඩා මල්ලි කෙනෙක් ඉන්නවා. මේ දෙන්නාම පොඩි දරුවන්ට ආසයි කියලා පොඩි දරුවන් එක්ක සිටින ඡායාරූප දැක්කාම පේනවා.
විවාහ ජීවිතය සම්පූර්ණ වෙන්න දරුවෙකුත් එන්න ඕනේ. තවම නම් ඉතින් ටට්යානා වගේම රෝහිතටත් ඕන තරම් වයස තියෙනවා. කලවයස ආවාම ඒ දේවලුත් සිද්ධ වෙයි කියලා අපි හිතනවා.