Daily News
Trending

රොෂාන් හරියට මැටි ගොඩක් වගේ. අධ්‍යක්ෂවරයාට ඕනේ විධියට අඹාගන්න පුළුවන්.

Harshan Udakanda




Harshan Udakanda Exclusive from Starfriends.lk

• අලුත් වැඩකට අතගැහුවා කියලා ආරංචියි

ඔව් මගේ හතරවැනි ෆිල්ම් එකේ වැඩ පටන්ගත්තා. මීට කලින් උලත් එකයි පිලත් එකයි, කොළඹ සන්නිය, ෆේස් ටු ෆේස්, කියන ෆිල්ම් තුන කළා.

• කොළඹ සන්නියට නම් ෆේස්බුක් එකේ ගෝරි දාගන්නවා දැක්කා. මේකත් ඒ වගේ එකක්ද?

මම කවදත් කියන දේ කෙලින් කියනවා. මට අදාල තැනදී පෙනී සිටිනවා. මෙතැනදී වුණෙත් ඒ වගේ දෙයක්. ඒක ගෝරියක් විධියට ව්‍යාප්තවෙලා ගියා. හැබැයි ඒ ගෝරියයි මේ ගෝරියයි කිසිම සම්බන්ධයක් නෑ

• හර්ෂ සාර්ථක අධ්‍යක්ෂවරයෙක් ද?

එහෙම නොවුණා නම් මට එකපිට නිර්මාණ හතරක් කරන්න බැහැනේ. එකම නිෂ්පාදකවරයා මාත් එක්ක රැඳිලා ඉන්නේ නැහැනේ. මගේ පළමු චිත්‍රපටය නිෂ්පාදනය කළ නිශාන්ත ජයවර්ධනම තමයි ගෝරි එක්ක ඉන්නෙත්.

• ගෝරි අවසන් වෙන්නේ කොයි කාලේද?

අපි මේක නිෂ්පාදනය කරන්නේ MPI සමාගමත් එක්ක එකතුවෙලානේ. ඔවුන් මේ වසරේ තිරගත වන නිර්මාණ අතර ගෝරි ඉන්නවා. ඒ කියන්නේ මැයි මාසයේ දී විතර ප්‍රේක්ෂකයින්ට දැක බලාගන්න ලැබෙයි

• හර්ෂට රොෂාන්ගෙන් ගැලවෙන්නම බෑ වගේ නේද?

මගේ නිර්මාණ තුනකම රොෂාන් හිටියා. වර්තමාන රංඟන පරපුරත් එක්ක ගත්තාම මගේ වචනයෙන් කියනවා නම් රොෂාන් කියන්නේ මැටි ගොඩක්. මැටි ගොඩක් හම්බවුණාම ඒක තමන්ට අවශ්‍ය ආකාරයට අඹාගන්න අධ්‍යක්ෂවරයකුට හරි පහසුයි. රොෂානුත් අන්න ඒ වගේ. අනෙක් අතට ඔහු සමඟ වැඩ කරන්නත් පහසුයි. මම ෆිල්ම් හදන්නේ විකුණන්න පුළුවන් වෙන්න නිසා රොෂාන්ට ඒ ආකර්ශනයත් තියෙනවා. මේ හැමදේම රොෂාන්ව තෝරාගන්න බලපාන්න ඇති.

• ගෝරි වෙනුවෙන් රොෂාන්ව ඇඹුවේ කොහොමද?

මගේ නිර්මාණ හැම එකකම මම රොෂාන්ව වෙනස්ම විධියට ජනතාව අතරට ගෙන ආවා. උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ ඔහු රඟපෑවේ කොමඩි චරිතයක්. ෆේස් ටු ෆේස් එකේ රොෂාන් හිටියේ විලන් රෝල් එකකට. ගෝරි එක්ක රොෂාන් හමුවන්නේ ඇමැති කෙනෙක්ගේ පුතෙක් හැටියට.

• ගෝරි තිර පිටපත කාගෙද?

මේක මම නිර්මාණය කළ එකක් නෙමෙයි. අහම්බෙන් මට ඒ අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මම සහ කැලුම් එකතුවෙලා අලුතින් තිර පිටපත නිර්මාණය කළා.

• හර්ෂ ටීනාව තෝරා ගත්තේ මාර්කට් කරන්න පහසු නිසාද?

ගොඩක් අයට ටීනා ගැන කිව්වාම හිතෙන්නේ එහෙමයිනේ. කොටට අඳින සරාගී කෙනෙක් හැටියට තමයි ටීනාව මතකයට එන්නේ. ඒත් මම ටීනාව ප්‍රේක්ෂකයින් අතරට ගේන්නේ ඒ රූපයෙන් නෙමෙයි. ගෝරි කතාවේ ටීනා කියන්නේ ගුරුවරියක්.

• ටීනාගේ රංඟනය පිළිබඳ වගකීමක් ගන්නවාද?

මම මීට කලින් ටීනා එක්ක වැඩ කරලා නැහැ. ටීනාගේ කැපෑසිටි එක මම දන්නේ නැහැ. හැබැයි මම රිස්ක් එකක් ගන්න ආසයි. මට ඕන දේ මම කොහොම හරි ටීනාගෙන් ගන්නවා.

• ගෝරි එක්ක ප්‍රවීණයන් ඉන්නවාද?

ඔව්. පුබුදු චතුරංග, ශ්‍රියන්ත මෙන්ඩිස් , රජිත හිරාන් වගේ කිහිප දෙනෙක්ම ගෝරි එක්ක සම්බන්ධ වී සිටිනවා. මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ කුඩා දියණියක් සහ කැලුම් ආර්යන් කියන නවක නළුවා.

• හර්ෂට චිත්‍රපට පෝලිම් අදාලම නෑ වගේ

ඔව් මම පෝලිම් වල නම් ඉඳලාම නෑ. මට හිතෙන්නේ ඔය පෝලිම් කතන්දරේ බොරුවක් කියලා.විකුණන්න පුළුවන් නම් පෝලිම් අදාලම නෑ

 

Harshan Udakanda Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close