Daily News
Trending

රොෂාන් පිළපිටියගේ අම්මා ගැන හුඟදෙනෙක් නොදන්න කතාව.




රොෂාන් පිළපිටිය රංඟනයට එන්නේ හුඟ කාලෙකට කලින්. ඔහු ස්ථාවර පැවැත්මක් හදාගෙන රංඟන කාර්යයෙහි නිරත වන රංඟනයට ප්‍රවීණයෙක්.

රොෂාන් පිළපිටිය සම්බන්ධයෙන් වගේම ඔහුගේ ආදරණීය අම්මා සම්බන්ධයෙන් ඔබ මෙතෙක් නොදන්න කතාවක් කියන්නයි අපි දැන් හදන්නේ.

රොෂාන් පිළපිටියගේ අම්මාගේ නම මල්ලිකා පිළපිටිය. ඇය තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ පළමු සිනමා කෘතියෙහි ප්‍රේමවතී කියන චරිතයට පණ දුන් ප්‍රධාන නිළිය.

ලෙස්ටර් කියන මහා සිනමාකරුවාගේ මූලාරම්භය වන්නේ රේඛාව. එය ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී සංධිස්ථානයක්. මල්ලිකා පිළපිටිය සිය පළමු සහ අවසාන රංඟනය සිදු කරන්නේ රේඛාව සිනමාපටයෙන්. ඊට පස්සේ කිසිඳු නිර්මාණයකට ඇය සම්බන්ධ නොවුණත් මෙරට සිනමා ඉතිහාසයේ සංධිස්ථානයක මල්ලිකා පිළපිටියගේ නාමයත් ලියවෙනවා.

‘අම්මාවරුනේ’ කියන්නේ ආචාර්යය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසාන සිනමා කෘතිය. සිනමා දිවියේ පනස්වන වසර සම්පූර්ණ වෙද්දී තමයි පීරිස් මහත්මයා අම්මාවරුනේ හදන්නේ.

දෛවෝපගත ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් නමැති ලෝක පූජිත සිනමාකරුවාගේ අවසාන සිනමා කෘතියට රොෂාන් පිළපිටියව තෝරා ගැනෙනවා. එතුමන්ගේ පළමු සිනමා කෘතිය මල්ලිකා පිළපිටියගේ රංඟනයෙන් හැඩ වෙද්දී අවසාන සිනමා කෘතිය ඇගේ පුතු වූ රොෂාන් පිළපිටියගේ රංඟනයෙන් හැඩ වෙනවා. මෙම ඓතිහාසික අහඹුව සිනමාවේ විශිෂ්ටතම පරිච්ඡේදයක ආරම්භය සහ අවසානය සනිටුහන් කළ බව අවසානයේ අප සිහිපත් කරනවා.

Tags
Show More
Close