Daily News
Trending

රොෂාන්ගේ අතට පිස්තෝලයක් ආවේ කොහොමද?

Roshan Ranawana




Roshan Ranawana Exclusive from Starfriends.lk

අපිත් හරියට දාම් බෝඩ් එකක එහෙට මෙහෙට අදින ඉත්තෝ වගේ. කාව හරි රජ කරවන්න අපි එහෙට මෙහෙට යූස් වෙනවා. ඔික තමයි අද රටේ තත්ත්වය. මේකත් හරිම වෙහෙසකර ජීවිතයක්. අපේ කියලා ජීවිතයක් නැති අපිට අහිමි ජීවිතයක්. ජීවිතය කියලා හිතාගෙන අපි මේ ප්ලේ කරන්නේ දාම් සෙල්ලමක් නම් ඉත්තෝ කියන්නේ හරියට අපේ ජීවිතයට දුන්න නානාප්‍රකාර අවස්ථා කියලා කියන්න පුළුවන්. හරිම තැනට හරිම ඉත්තා ඇද්දේ නැත්නම් දාම් ගේම් එක ෆේල්. අපිට කලින් වෙන කෙනෙක් රජ වෙනවා. ඒ නිසා දාම් සෙල්ලමේදී වගේම ජීවිත සෙල්ලමේ දීත් අදින් කලින් හිතන්න ඔිනේ. තීරණ ගන්න කලින් කල්පනා වෙන්න ඔිනේ.

ජිවිතය එක්ක සෙල්සම් කරන එක, ගේම් ගහන එක මේ කාලයට අරුමයක් නෙමෙයි. එහෙම ගේම් දෙන නිර්මාණයක් මේ දවස්වල රූගත කරමින් තිබෙනවා. නිර්මාණයේ නම ඉත්තෝ. තේමාව, අදින්න පෙර සිතන්න. මෙහි ප්‍රධාන චරිත නිරූපනයෙන් සම්බන්ධවෙලා ඉන්නේ උදාරි පෙරේරා සමඟ ජනප්‍රිය නළු රොෂාන් රණවන. වැඩේ කියන්නේ මේ දෙන්නාගෙම අතේ තුවක්කු තියෙනවා. කවුද ගේම් එක ලීඩ් කරන්නේ කියලා තවම නම් හරියටම හිතාගන්න බැහැ. මොකද කොල්ලයි කෙල්ලයි දෙන්නාම පිස්තෝල අතේ තියාගෙන ඉන්නේ. ප්‍රවීණ රංඟන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා ද ඉත්තෝ නාට්‍යය සමඟ සම්බන්ධ වී ඉන්නවා.

පිස්තෝලයක් කියන්නේ ආබරණයක් වත් අතේ තියාගෙන ඉන්න හොඳ දෙයක්වත් නොවන බව ඇත්ත. ඒත් රොෂාන්ගේ කඩවසම් පෙනුමට පිස්තෝල සෙල්ලම නියමෙටම මැච්වෙලා තියෙනවා. ඉත්තෝ අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා මේ චරිතය සඳහා රොෂාන්ව තෝරා ගැනීමට පෙළඹීම කොයිතරම් නිවැරදි තීරණයක් ද කියලා නිගමනය කරන්න තව ටිකක් ඉවසන්න සිදුවෙනවා. නිර්මාණය රසිකයන් අතට පත් වුණාට පස්සේ අපි ඒ් ගැන කතා කරමු.

Roshan Ranawana Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close