Daily News
Trending

රොමේෂ්ගේ මියුසික් පවුලත් දෙකඩ වෙලාලු.




කොයිදේත් හැමදාම එක විදියට පවතින්නේ නැහැ. වෙනස් වීම නියතියක්. සංගීත කණ්ඩායම් වලටත් මේ ධර්මතාව පොදුයි.

ලංකාවේ බොහෝ සංගීත කණ්ඩායම්වල සමාජිකයින් කාලයක් යද්දී තම තමන්ගේ ස්වාධීන ගමනක් ගැන හිතනවා. පොඩි පොඩි විරසකත් ඇති වෙනවා.

රොමේෂ් සුගතපාලගේ “රොමේෂ් විත් ටියුන්ස්” කියන සංගීත කණ්ඩායමත් දෙකඩ වෙලා කියලා රාවයක් පැතිරෙනවා. ඒ කියන්නේ රොමේෂ් විත් ටියුන්ස් එක්ක හිටපු පස් දෙනෙක් එම කණ්ඩායමෙන් ඉවත්වෙලා කියලා තමයි ආරංචිය යන්නේ.

මේ ගැන රොමේෂ් සුගතපාල නම් කියන්නේ මේ වගේ කතාවක්.

ඔහුගේ සංගීත කණ්ඩායමෙන් පිරිසක් ඉවත්ව ගියපු කතාව ඇත්තක්. නමුත් එහෙම ගියා කියලා රොමේෂ් විත් ටියුන්ස් කණ්ඩායම කඩා වැටුණේ නැහැලු. කණ්ඩායමෙන් ගියපු අයගේ හිස්තැන් වලට අලුත් සමාජිකයින් බඳව ගත්ත බවත් රොමේෂ් කියනවා.

ඒ වගේම සංගීත කණ්ඩායමෙන් ඉවත්ව ගිය අය එක්ක රොමේෂ්ගේ කිසිම ගැටුමක් නැහැ කියලත් ඔහු කියනවා. ඒ අයගේ පෞද්ගලික කාරණා නිසා ඉවත්ව ගියා මිසක කිසිම කෙනෙක් රොමේෂ් එක්ක තියෙන අවුල නිසා ඉවත්ව නොගිය බවත් මෙහිදී රොමේෂ් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

ඉදිරියට එන්නේ උත්සව කාලයක් නිසා දිගටම වැඩ වැඩි වෙයි කියලත් ඔහු කියනවා.

Tags
Show More
Close