Daily News
Trending

රූපය ලස්සනයි නම් අයුතු යෝජනා එනවා. -ඕෂධී හිමාෂා




නිරූපිකාවක් ලෙස හඳුනාගත්ත ඕෂධී හිමාෂා ඊටත් පස්සේ සිනමාවේදීත් මුණගැහෙනවා. හැබැයි ඕෂධී පුංචි තිරයට ඔළුව දාන්න නම් තරමක් අදිමදි කරනවා. මේකට හේතුව ආරාධනා නොලැබීමත් නෙමෙයි. ඕෂධී හුඟක්ම කැමති නිදහස භුක්ති විඳින්නලු. මේ නිසා ටෙලි නිර්මාණ භාර ගෙන නිදහස සීමා කර ගන්න ඕෂධීට හිතෙන්නේම නැහැලු.

ඇහැට කණට පේන කෙනෙක් වුණාම අයුතු යෝජනා එන එක දැන් ස්වභාවයක්. ඕෂධී කියන්නෙත් රූපය ලස්සන වුණාම එහෙම යෝජනා එන එක වළක්වන්න බැහැ කියලා. විශේෂයෙන්ම නිරූපිකාවක් වුණාම අවධානය වැඩියිලු.

ඒක නම් ඇත්ත. එයාලා අඳින පළඳින විදියත් වෙනස්නේ. රැකියාවේ ස්වරූපය අනුව එයාලට සංස්කෘතියට පටහැනි ඇඳුම් පවා අඳින්න වෙනවා කියලා ඇය කියනවා. ඒත් මොන තරම් අයුතු යෝජනා ආවත් ඒවා භාරගන්න නොගන්න එක තමන්ගේ වැඩක් කියලත් ඇය පෙන්වා දෙනවා.

ඕෂධීට මේ තරම් කාලයකට කිසිම කෙනෙක්ගෙන් සෘජුවම ඔය කියන ජාතියේ අයුතු යෝජනා ඇවිල්ලා නැහැලු. ඒත් ෆේක් එකවුන්ට්ස් වලින් නම් එක එක ජාතියේ මැසේජස් කෝල්ස් එහෙම ඇවිත් තියෙනවාලු.

හැබැයි ඕෂධීට ඒ කිසිවක් අදාල නැහැ. ඇයට අනුව තමන්ගේ ප්‍රතිචාරය තමයි වඩා වැදගත්.

Tags
Show More
Close