Daily News
Trending

රුවන් සින්දු කියද්දී ශෙරිල් ලයිව් නටනවා බලන්න ආසයිද?




ශෙරිල් – රුවන් ආදර කතාව පටන්ගන්නෙම මේ දෙදෙනාගේ නැටුම් ගැයුම් හැකියාව එක්ක. ඊට පස්සේ දෙන්නා විවාහ ජීවිතයටත් පිවිසෙනවා. ශෙරිල් නම් ටිකක් නපුරු කෙනෙක් කියලා තමයි ඇයත් කියන්නේ. හැබැයි දෙන්නාගේ විවාහ ජීවිතය බොහොම සුන්දරව ගලායනවා.

ශෙරිල් – රුවන් එකතුවෙලා ඉතාම ලස්සන මියුසික් වීඩියෝ කීපයක්ම රසිකයින් අතට පත් කරලා තියෙනවා. ශෙරිල්ගේ ඇස් වශී කරවන සුන්දරත්වය නිසා ඒ මියුසික් වීඩියෝස් ජනතාව වේගයෙන් වැළඳගත්තා. රුවන්ගේ ගායන කෞශල්‍යයත් ඊට බලපාලා තියෙන බව කියන්නම ඕනේ.

ශෙරිල් සහ රුවන් එකට සිටින මියුසික් වීඩියෝ දැකලා තිබුණාට අපි මේ දෙන්නගේම ලයිව් වීඩියෝස් දැකලා තිබුණේ නැහැනේ.

” රුවන් ඇන්ඩ් ශෙරිල් මතකද හැන්දෑවේ ලයිව් ඉන් කොන්සර්ට්” කියන්නේ අන්න ඒ අවස්ථාව උදාකරලා දෙන නියම වැඩක්. මේ ලයිව් කොන්සර්ට් එකේ දී රුවන් ගීත ගායනා කරන අතරේ ශෙරිල් නර්තනයෙන් සහභාගී වෙනවා. මෙහි යුග ගායනයට රයිනි චාරුකාත් සම්බන්ධ වෙනවා. නාලක සජිත් ප්‍රමුඛ සංගීත කණ්ඩායම, මතකද හැන්දෑවේ, සංගීතයෙන් ලස්සන කරනවා.

දෙසැම්බර් 01 වැනිදා මීගමුව ආවේ මරියා ශ්‍රවණාගාරයේදී සවස 6.30ට තමයි ශෝ එක පටන් ගන්නේ.

රුවන් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා දැන් අවුරුදු 8ක් ලු. ඉතින් මතකද හැන්දෑවේ ප්‍රසංගයේදී රුවන්ගේ අලුත්ම ගීතයත් ජනතාවට ඉස්සෙල්ලාම අහන්න ලැබෙනවා. ඉතින් මිස් කරගන්නේ නැතිව මේ අපූරු අවස්ථාවට එකතු වන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close