Daily News
Trending

රුවන් ශෙරිල්ට ආදරය කරන හේතුව…




රුවන් – ශෙරිල් ආදර කතාව නොදන්න කෙනෙක් නැහැනේ. ඒ ආදරය ඉස්සර වෙලාම ඇතිවන්නේ ශෙරිල්ට. ඇය රුවන්ගේ හඬට සහ නොදැක ඉන්න බෑ කියන ගීතයේ ආදරණීය හැඟීමට. ඒ මුණගැසීම කෙළවර වන්නේ විවාහයෙන්. ඊට පස්සේ රුවන්ගේ ගීත බොහොමයක් හැඩවෙන්නේ ශෙරිල්ගේ සුන්දර රූපයෙන් සහ රංඟනයෙන්.

රුවන් – ශෙරිල් දෙන්නාගේ දවස ගතවෙන හැටි වගේම එයාලගේ ලයිෆ් එකේ අලුත් විස්තර එහෙමත් ළඟදි දවසක මාධ්‍යයට කියලා තිබුණා. දෙන්නාම කාර්යබහුල නිසා ඉතින් හැම දවසම එක විධියට ගතවෙන්නේ නැහැ. රුවන් රාත්‍රී ප්‍රසංගවලට ගියාම උදේ වරුවම නිදි යනවා. එහෙම නැති දවසට නම් දෙන්නත් එක්කම ව්‍යායාම කරනවාලු. රස රස කෑම ජාති හදලා කන්නත් රුවන් වගේම ශෙරිල් ද ආස කරනවා. ශෙරිල් හදන කෑමවලින් රුවන් හුඟක්ම කැමැති කුකුල් මස් කරියටලු. ශෙරිල් ඒක ඉතාම ප්‍රණීතව පිළියෙල කරනවා කියලා රුවන් කියනවා. හැබැයි ඉතින් ශෙරිල් වැඩිය මස් හදන්න නම් කැමැති නැතිලු.

රුවන් ශෙරිල්ට ආදරය කරන්න හේතුව මොකක්ද කියලත් ඔහු මේ සාකච්ඡාවෙදි සිහිපත් කරනවා. ගීතයක් අහලා ඒ ගීතය රසවත් බව කියන්න කෝල් කරපු ශෙරිල්ගේ මොකක්දෝ මනුස්සකමක් රුවන් දකිනවා. පොළොවේ පයගහලා ඉන්න පුළුවන් කෙනෙක් කියන අවබෝධය රුවන්ට ශෙරිල් දීපු පළමු ඇමතුමෙන්ම තහවුරු වෙනවා. රුවන් හොයන්නේ ශෙරිල් වගේ සාමාන්‍ය විධියට ජීවත් වන්න පුළුවන් කෙල්ලක්ව. මේ නිසා තමයි ඔහු ශෙරිල්ට ආදරය කරන්නේ.

ශෙරිල්ගේ විලාසිතා සම්බන්ධයෙන් රුවන්ට කවදාවත් ගැටලුවක් මතුවෙලා නැහැ. නමුත් රුවන්ගේ විලාසිතා සම්බන්ධයෙන් නම් ශෙරිල් සෑහෙන්න උනන්දුයි ලු. ප්‍රසංගයකට යනවා නම් ඇඳගෙන යන ඇඳුම සූදානම් කිරීම, කොන්ඩා මෝස්තරය දැමීම ආදී කටයුතු අනිවාර්යයෙන්ම සිදුවන්නේ ශෙරිල්ගේ අතින්ලු.

රුවන් ගායනයට අවතීර්ණ වන්නේ 2010 දී. එදා සිට අද දක්වා ඔහු ගීත 25ක් පමණ ගායනා කරලා තියෙනවා. මේ සියලුම ගීත පාහේ තරුණ පරම්පරාව අතර ඉතා ඉක්මනින්ම ජනප්‍රිය වෙනවා. මේ දවස්වල රුවන් අලුත්ම ගීත තුනක වැඩ කටයුතු එක්ක ඉන්නේ. ඒ අතරේ ශෙරිල් අලුත් ටෙලිනාට්‍යයකට සම්බන්ධවෙන් අපේක්ෂාවෙන් ඉන්නවා.

ඉතින් මේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා අපිත් ඔවුන්ට සුබ පතනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close