Daily News
Trending

රුවන්ගේ නැටවෙන නළඟන.




” ශෘංගාරි දෙනුවන් නොදොඬා බලා උන්නා
මත් වී රස දෙතොලින් මං ආදරේ ලිව්වා
රත් වී මුදු හැඟුමන් ඔබ හා වෙලී උන් මා
දුහුලට ඇඳි සේලේ නොකියා ලිහා දැම්මා”

මේ තමයි රුවන් හෙට්ටිආරච්චිගේ ශෘංගාරය වෑහෙන අලුත්ම ගීත නිර්මාණය පටන් ගන්න හැටි.

‘නළඟන’ කියලා නම් කරපු මේ ගීතය රුවන්ගේ පැරණි ගීත එක්ක සසඳලා බලද්දී තරමක වෙනස් හැඩයක් ගන්නවා. ඇත්තටම මේ ගීතය නැටවෙන නළඟනකගේ ගීතයක් කිව්වත් නිවැරදියි.

“ලය පුරා පීරමින් දෙතොල් හූරමින් ඇස් පියාගත්තා
මං කෝඩුකාර ආදරේ වින්දා”

ප්‍රේමණීය යුවලකගේ අතිශය ශෘංගාරාත්මක හැඟීම් අවුලවන සුළු අයුරින් මෙම ගීතය ලියවෙන්නේ ඉතාම සුන්දර පද වැලක් එක්ක. එම පදවැලෙහි හිමිකරුවා සම්පත් ප්‍රනාන්දුපුල්ලේ.

කාලයකට පස්සේ රුවන් රසික රසිකාවියන්ට තිළිණ කළ ‘නළඟන’ ගීතයේ නිෂ්පාදන කටයුතු සහ සංගීත සංයෝජන කටයුතු කරන්නේ පසන් ලියනගේ.

‘නළඟන’ කියන්නේ නටන්න කැමති අයට නැටවෙන්නත්, ප්‍රේමයෙන් මත් වෙන්න කැමති අයට මත් වෙන්නත්, එක වගේ අවස්ථාව සලසන සුන්දර ගීතයක්. දැන් අන්තර්ජාලයෙන් ඔයාලටත් නළඟනව විඳින්න පුළුවන්.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close