GossipsHollywood & Bollywood
Trending

රිතික්ගෙන් අම්මාට ආදර හසුනක්.




පහුගිය දිනක සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝශන්ගේ මව වන පින්කි රෝශන්ගේ 64 වැනි උපන්දිනය යෙදිලා තිබුණා. පින්කි, රාකේශ් රෝශන්ට ආදරණීය බිරියක් වන අතරේ රිතික් සහ සුනයිනාට දයාබර අම්මා කෙනෙක් වුණා.

බොලිවුඩ් සිනමාවේ සුවිසල් ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන සිටින රිතික් රෝශන් තමන්ගේ ආදරණීය අම්මාගේ උපන්දිනය වෙනුවෙන් සංවේදී ට්විටර් සටහනක් පළ කරනවා. මේ සටහනට දෙස් විදෙස් රසික රසිකාවියන් බොහෝමයකගේ අවධානය යොමු වෙනවා. ඒකට හේතුව තමයි රිතික්ගේ මේ ට්විටර් සටහන ඉතාම සංවේදී එකක් වීම.

” මගේ අම්මා ලෝකයක් වටිනවා. ඒත් ඒක මගේ අම්මා තවම දන්නේ නැහැ. ඒ නිසා ඇයගේ පුතා අද ඒ බව මේ විදියට ඇයට මතක් කරලා දෙනවා. අම්මා මට ආදරය කරනවාට වැඩියෙන් මම මගේ අම්මාට ආදරය කරනවා. සුබ උපන්දිනයක් මගේ අම්මාට”

රිතික් මේ සටහනට තවත් බොහෝ දේ එකතු කරනවා. ඇය සතුටින්ම සිටින මව බවට පත් වන්න අවශ්‍ය බොහෝ දේ සම්පූර්ණ කරගන්නේ බොහෝ කාලයකට කලින්. මේ සියල්ල රිතික් ඇයට මතක් කරනවා.

තමන්ගේ කුඩා කාලයේ ගත් ඡායාරූපයක්ද සමඟ තමයි රිතික් එයාගේ අම්මට ලියපු උපන්දින සුබපැතුම ටිව්ටර් සමාජ ජාල මාධ්‍යයට එකතු කරලා තිබුණේ.

Tags
Show More
Close