
මේ හමුවීම සිදුවන්නේ දවසක් දා පාටි එකකදී. ධනුක ඒ තරුණිය එක්ක ටික වෙලාවක් කතාබහ කරනවා. කතාවෙන් බහෙන් තේරෙන්නේ හරියට එයාලා කාලාන්තරයක් තිස්සේ දන්නවා වගේ. ඒත් ධනුකට ඇයව මීට කලින් මුණගැහිලා තිබුණෙත් නැහැ. ධනුක හිතාගෙන ඉන්නේ ඇය තමන්ගේ ෆෑන් කෙනෙක් කියලා.
” ධනුක අයියේ ඊයේ රෑ ඔයා කිව්වේ..” මේ කෙල්ල ධනුකව අපහසුතාවට පත් කරමින් මීට පෙර සිදුවීමක් මතක් කරනවා. ඒත් ධනුක මේ කිසිවක් දන්නේ නැහැ. ” මට ඔයාව මතක නැහැ නංගි ” ධනුක මේ අන්ඩරදෙමළේ තේරෙන්නෙම නැති තැන එහෙමත් කියනවා. ” ඇයි මතක නැද්ද අපි ඊයෙ පැය ගාණක් චැට් කළේ? ” තරුණිය හරිම සැහැල්ලුවෙන් හිනා වෙලා කියනවා. හැබැයි ධනුකගේ මුහුණෙ නම් එහෙම සැහැල්ලුවක් පේන්න නැහැ.
කාරණේ මොකක්ද කියලා වටහා ගන්න ධනුකට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ධනුක නමින් හදපු ෆේක් එකවුන්ට් එකකින් තමයි මේ දේ සිද්ධවෙලා තියෙන්නේ. ධනුක ඒ බව අර තරුණියට පැහැදිලි කරලා දෙනවා.
ධනුකගේ නමින් හදපු මේ වගේ ෆේක් එකවුන්ට්ස් වලින් සමහර අවස්ථාවල රීලෝඩ් දාගන්න වැඩත් කරලා තියෙනවා. ඉතින් ජනප්රිය අයත් එක්ක චැට් කරන්න කලින් ඒ ඇත්තම එකවුන්ට් එකද කියලා දැනගෙන ඉන්න වෙනවා. නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා.