GossipsHollywood & Bollywood
Trending

රැජිණි කාන්ත්ගේ 165 වැනි පිම්ම




කොලිවුඩ් සිනමාවට එතෙක් මෙතෙක් බිහි වූ දක්ෂතම සිනමා තාරකාව වන්නේ රැජිණිකාන්‍ත්ය. අවුරුදු 68ක් වයස්ගත රැජිණිකාන්ත් අදත් රංඟනයට තරුණය. පිටපත් රචකයකු, දේශපාලනඥයකු, මහජන හිතෛෂියකු, නිෂ්පාදකයකු ලෙසද ජනාදරයට පාත්‍රව සිටින රැජිණිකාන්ත් සිය රංඟන දිවි‍යේ තවත් සාර්ථක පියවරක් තබා ඇත.

මේ දිනවල සමාජ ජාල මාධ්‍යයට මෙන්ම ඉන්දියානු මාධ්‍යයට මාතෘකාවක් වී ඇති මෙම සුපිරි නළුවාගේ අලුත්ම පිම්ම ගැන තොරතුරු මෙසේය.

රැජිණිකාන්ත් රංඟනයෙන් සිය දායකත්වය ලබා දෙන 165 වැනි සිනමා පටයේ රූගත කිරීම් මේ වන විටත් ආරම්භ කර ඇත.

කාර්තික් සුබ්බාරාජ්ගේ අධ්‍යක්ෂණයක් වන එය නම් කර ඇත්තේ ‘පෙට්ටා’ ලෙසින් ය. කෙසේ වුවත් පෙට්ටා සිනමා කෘතිය එළිදැක්වීමේ දිනයක් සම්බන්ධයෙන් මේ වන විටත් තොරතුරු වාර්තා නොවේ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close