
Rani Mukerji Exclusive from Starfriends.lk
රාණි මුඛර්ජි වර්තමාන සිනමාවේ අංක එකේ නිළියක් නොවුණාට ඇය අනූව දශකයේ අතිෂය ජනප්‍රිය බොලිවුඩ් නිළියක්. ඇයගේ ඥාති සහෝදරිය වන කාජල් ද සමඟ රඟපෑ කුච් කුච් හෝතා හේ චිත්‍රපටය එතෙක් මෙතෙක් බොලිවුඩයෙන් බිහි වූ වඩාත් ජනප්‍රියම චිත්‍රපටවලින් එකක්. ඒ වගේම රාණි ෆිල්ම් ෆෙයාර් සම්මාන 7කට පමණ හිමිකම් කියන දක්ෂ රංඟන ශිල්පිනියක්. ඇය විවාහ වන්නේ ආදිත්‍ය චොප්රා සමඟ.
රාණි සම්බන්ධයෙන් අපට දැනගන්න ලැබුණ අලුත්ම නිවුස් එකක් ගැන ඔයාලව දැනුවත් කරන්න ඕනේ කියලා අපි හිතුවා. මතකද පසුගිය වසරේ ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක් සිදු කරමින් ව්‍යාප්ත වූ ‘මී ටූ’ රැල්ල? කාලයක් නිශ්ෂබ්දව සිටි මෙම රැල්ල ගිනි කන්දක් වගේ යළිත් සක්‍රිය වෙලා කියලා දැනගන්න ලැබෙනවා. මෙම රැල්ලට රාණි මුඛර්ජිගේ නම මෙන්ම රාජ්කුමාර් හිරාණිගේ නාමය ද ගෑවී තිබීම සුවිශේෂී වුණා. මී ටූ ලෙසින් කරලියට ආවේ ලිංගික අපහරණය සම්බන්ධ අත්දැකීම් හෙළි කරන සංවිධානයක ව්‍යාපෘතියක්. මේ සඳහා බොලිවුඩ් නළු නිළියන් කිහිප දෙනෙක් ම පාපොච්ඡාරණයට ඉදිරිපත් වුණා. ඒ අතර කාජල් වැනි ප්‍රවීණ අය ද එක්ව සිටියා.
ඒ අනුව ‘සංජු’ චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුර එක්තරා කාන්තාවකට 2018 මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වරින් වර ලිංගික අතවර සිදු කළ බව පසුගිය සතියේ මාධ්‍යයට අනාවරණය වුණා. නමුත් මේ ප්‍රකාශයට එරෙහිව දියා මිර්සා, ශර්මන් ජෝශි සහ අර්ශඩ් වර්සි දැඩිව සිය අදහස් දක්වා තිබුණා. කෙසේ වුවත් රාණි මුඛර්ජි, කන්ගනා රනවුත්, ප්‍රියංකා චොප්රා, දීපිකා පදුකෝන්, අනුශ්කා ශර්මා වැනි නිළියන් රාජ් කුමාර් හිරාණිට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීම නිසා රාජ් කුමාර් සම්බන්ධයෙන් වන චෝදනා ප්‍රබල තැනකට ආවා. මෙම චෝදනා අධිකරණයක් හමුවේ නිවැරදි වන තුරු විදු විනෝද් චොප්රා, රාජ් කුමාර්ව අධ්යක්ෂ මණ්ඩලයෙන් පවා ඉවත් කරනවා. ත්‍රී ඉඩියට්ස්, පීකේ, මුන්නා භායි, සංජු වැනි අතිශය ජනප්‍රිය නිර්මාණ රැසක අධ්යක්ෂවරයා වූ රාජ් කුමාර් මේ වන විට 53 වැනි වියේ පසුවනවා.
Rani Mukerji Exclusive from Starfriends.lk