Daily News
Trending

රාජිත, හිතලා ගත්ත තීරණය බලන්න චන්ද්‍රිකාත් ගිහින්.




රාජිත කිව්වේ රාජිත දිසානායකට. මේ වෙලාවේ රාජිතලා පැටලෙන්න ඉඩ තියෙන නිසා සම්පූර්ණ නම කියලාම කතාව පටන් ගන්න හිතුවා. ඒ රාජිතයි මේ රාජිතයි දෙන්නටම දේශපාලනයක් තියෙනවා. හැබැයි ඒක පාවිච්චිවන විදිය වෙනස්.

රාජිත දිසානායක කියන්නේ දේශපාලනය නිර්මාණ අස්සට ගෙනාපු ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. “හිතලා ගත්ත තීරණයක්” ඔහුගේ අලුත්ම නාට්‍ය නිර්මාණය. සෑහෙන කාලයක ඉඳලා මේ නාට්‍යය පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදු වුණා.

මේ නිසා හිතලා ගත්ත තීරණය බලනවා කියන තීරණයට නිවී සැනසිල්ලේ එළඹෙන්න කල් වෙලාව තිබුණා. රාජිතගේ නාට්‍යයක් කිව්වම ඒකේ තියෙන දේශපාලන කෑල්ල බලන්න හිතෙන එකත් ස්වභාවිකයි.

කොහොමින් කොහොම හරි නාට්‍යය ඉස්සෙල්ලාම වේදිකාගත කෙරුණේ ඊයේ (9). ඒ වෙද්දී ලංකාවේ දේශපාලනේ තනිකරම කණපිට ගහලා විකාර රූපී වෙලා තිබුණේ. කිසිම කෙනෙක් හිතල මතලා තීරණ ගන්න බවක් පෙනුනේ නෑ. මේ වගේ වෙලාවක මොනවා වෙනවද කියලා ලොකු ලොක්කන්ටවත් තේරුම් ගන්න බැහැනේ.

දේශපාලනෙත් අස්ථාවර වෙලා තියෙද්දී මේ ආණ්ඩුව ගේන්න සෑහෙන බරක් ඇදපු, හිටපු ජනාධිපතිතුමියට මොනවා හිතෙන්න ඇතිද?

මේ ටිකට ඔයාලා ඇයව දැක්කේවත් නැහැ නේද? චන්ද්‍රිකාගේ මේ නිහැඬියාව ගොඩක් අයට ප්‍රශ්නයක් වුණා. ඔය කියන දේශපාලන කාරණා ඉස්සරහා මුණිවත ආරක්ශා කළත්, ඇය රාජිතගේ නාට්‍යය බලන්න ඇවිත් තිබුණා. තනියම නෙමෙයි සුනේත්‍රා බණ්ඩාරනායකත් එක්ක.

සමහර විට චන්ද්‍රිකාට හිතෙන්න ඇති තීරණයකට එන්න කලින් මේ නාට්‍යය බලලා ඉන්න ඕනේ කියලා.

ඒ කොයිහැටි වුණත් නාට්‍යය බලලා එලියට එද්දී පාර්ලිමේන්තුවත් විසුරවන්න යනවා කියලා තමයි ආරංචි. මේක දැනගත්තාම චන්ද්‍රිකාට හිතෙන්න ඇති, හිතලා තීරණයක් ගන්නේ කොහොමද කියලා. ඒ තරමට නොහිතන දේවල්නේ මේ රටේ වෙන්නේ.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close