Daily News
Trending

රාජපක්ෂ පොඩි පුතු අපේකම අරගෙන යුග දිවි ගමන අරඹයි.

Rohitha Rajapaksa Wedding




Rohitha Rajapaksa Wedding Exclusive from Starfriends.lk

ඒ මහින්ද රාජපක්ෂ (Mahinda Rajapaksa) පවුලේ බඩපිස්සාය. දේශපාලන පවුලක උපන් කලාකාමියාය. අපේකමත් හෙළ සිරිතත්, බොදු සංස්කෘතියත් එකට මුසුවූ සරල සුන්දර විවාහ මංගල උත්සවයක දී ඔහු ටටියානා ලී නම් වූ සුන්දර මනාලිය හා අතිනත ගත්තේය.

මෙරට කාගේ කාගේත් අවධානය යොමුව තිබුණේ ඒ මංගල්‍යය දෙසය. දේශපාලන පසමිතුරෝත් කලාකාමී හිත මිතුරෝත් චිචීගේ විවාහ මංගල්‍යයේ අහුමුළු සෙව්වෝය. ඒ මංගල්‍යයේ අඩුපාඩු සෙව්වෝත් ඕපාදූප සෙව්වෝත් සේම හදවතින්ම සුබ පැතුවෝත් බොහෝය.

කෙසේ වුවත් චිචී හෙවත් රෝහිත පුතු සහ ටටියානා සංස්කෘතියට වටිනාකමක් එකතු කරමින් විවාහ දිවියට පිය මැන ඇත. අපට ආරංචි වූ පරිදි ඒ මංගල්‍යය මධුවිතෙන් තොරය. ගමේ මිනිසුන්ගේ පහස ලැබූ ගම්මැද්දක, ගම්වැසියන්ගේ ආදරය මැද්දේ මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු යුග දිවියට පිවිස ඇත.

ඒ මංගල්‍යයට සුපිරි තරු නොපෑයූවා නොවේ. නමුත් ගැමි සුවඳ ඉතිරූ සුපිරි විවාහ මංගල්‍යයක තරු නොදිලුනේය. අපේකම බැබලුනේය. දේශපාලන පසමිතුරුකම් පසෙකලා ඒ මංගල්‍යයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඇතුළුව පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු රැසක් සහභාගී වී සිටිනු කාගේත් අවධානය දිනාගන්නට සමත් විය.

අපේකම අරගෙන දෑකුලසිරිතට යුග දිවි අරඹන රෝහිත ටටියානා යුවලට ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් වෙතින් උණුසුම් සුබපැතුම් එකතු කරන අතරම ඒ මංගල්‍යයේ අපිට ආරංචි වූ තතු විත්ති මෙසේය,

වෙනත් දේශපාලන පවුල්වල විවාහ මෙන් මේ විවාහය පැවැත්වෙන්නේ තරු පන්තියේ හෝටලයක නොවේ. මේ විවාහය පැවැත්වෙන්නේ වීරකැටිය ගම්මානයේ මැදමුලන නිවසේදීය. එමෙන්ම මෙම විවාහයට සැපයෙන්නේ දේශීය ගැමි ආහාර පමණි . එම ආහාර සකස් වන්නේ අසල්වාසී පවුල්වල ඥාති හිතමිත්‍රයින්ගේ වෙහෙස මහන්සියෙනි. රට පුරා ප්‍රසිද්ධ නොකලද මුලු මැදමුලන ගම්මානයටම මෙම විවාහයට ආරාධනා කර ඇත.

අමුත්තන්ට පිළිගැන්වෙන පළමු පිළිගැනීමේ බීම වන්නේ රණවරා, දිවුල් යුෂ සහ බෙලිමල් ය. මැටි හට්ටි වල පිළිගැන්වෙන ආහාර ගමේ ආරයට සැකසුනු දේශීය ආහාර වීමත් විශේෂයකි. මෙම විවාහයට කිසිදු මස් වර්ගයක් භාවිතා නොකිරීමද රාජපක්ෂ පවුලේ තීරණයකි.

විවාහ ඇරයුම්පතේ සිට මගුල් පෝරුවේ සැරසිලි දක්වා සියලූම දේ ඉතාම සරලව චාම්ව පරිසර හිතකාමීව සිදුකර ඇති ආකාරය කාගේත් අවධානයට නතුවිය.

Rohitha Rajapaksa Wedding Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close