Daily News
Trending

රාජපක්ෂ පවුලේ බාල පුතාගේ මංඟල්‍යය සිද්ධවෙන්නේ මෙහෙමයි.

Rohitha Rajapaksa




Rohitha Rajapaksa Exclusive from Starfriends.lk

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ බාලපුතාගේ විවාහ මංඟල්‍යයටත් ඔන්න දින තීන්දු වෙලා ඉවරයි. වැඩි කාලයක් නෑ ජනවාරි 23 වැනිදා විවාහ උත්සවය ජයටම ගන්න සූදානම් වන බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. නමින් රෝහිත රාජපක්ෂ වුණාට ඔහුව කවුරුත් ආදරයට හඳුන්වන්නේ චිචී කියලානේ. ඒ නිසා අපිත් ඔහුව ඒ නමින්ම ආමන්ත්‍රණය කරනවා.

චිචී රාජපක්ෂ පවුලේ අනෙක් පුතුන්ට වඩා තරමක් වෙනස් පාරක ගමන් කළා. ඔහු කලාවට ලැදියාවක් දැක්වූවා පමණක් නෙමෙයි ගීත කිහිපයක් ද එළි දැක්වූවා. රූප රචනාවලටද සම්බන්ධ වී රංඟන කුසලතාවත් පෙන්නුම් කළා. මේ නිසා චිචී වටා තරුණ රසික රසිකාවන් විශාල ප්‍රමාණයක් ඒකරාශී වී සිටිනවා. කාලයක් තිස්සේ චිචීගේ පෙම්වතිය ලෙස ඔහුත් සමඟ සිටින්නේ ටට්යානා. ඇයත් වෙළෙඳදැන්වීම් නිරූපනය හරහා කලාවට අවතීර්ණ වූ ඉතාම සුන්දර යුවතියක්.

චිචී මේ සුන්දර යුවතියට විවාහ යෝජනාව කළේ අප්‍රිකාවේ පිහිටි උසම කඳු මුදුනේදි. සාමාන්‍යයෙන් චිචී වගේම ටට්යානාත් ට්‍රැවල් කරන්න හුඟක් ආසයිලු. ඒකටම ගැලපෙන යාළුවෝ සෙට් එකක් චිචීට ඉන්නවා. විශේෂයෙන්ම ඔවුන් පුරුද්දක් විධියට කඳු නඟින්නත් කැමැත්තක් දක්වනවාලු. ඉතින් මේ ආකාරයට විවාහ යෝජනා කළාට පස්සේ ඊගාවට තියෙන්නේ විවාහ වෙන්නනේ. ඒකට සුබ නිමිති යෙදිලා තියෙන්නේ ජනවාරි 23 වැනිදාට.

චිචී කලාව පැත්තෙන් තවත් නිර්මාණ කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඔහුගේ අලුත්ම ගීතය සළෙලි හඳ. චිචී දේශපාලනය කියන ප්‍රෙෂර් ඒකට අකමැති කෙනෙක්. ඒ නිසා ඔහු පවු‌ලේ දේශපාලනයට සම්බන්ධ වන්නේ නැහැ. ඔහුගේ අරමුණ හොඳ නිර්මාණ රසිකයින්ට ලබා දෙන්න. මේ වනවිට චිචීට චිත්‍රපට රංඟනයටත් ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි තවම නම් ඔහුට ඒ ගැන අදහසක් නැහැ. ඉදිරියේ දී වෙනසක් වෙන්නත් පුළුවන්. තව නොබෝ දිනකින් අතිනත ගන්නා චිචී සහ ටට්යානාට අපේ උණුසුම් සුබ පැතුම් පිරිනමනව.

Rohitha Rajapaksa Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close