Daily News
Trending

රවීන්ට ආශිර්වාදයක් වුණ ගායකයා.




රවීන් ජනප්‍රිය ටෙලි නළුවකු වීම ඔහුගේ අනෙක් හැකියාව වූ ගීත ගායනයට එල්ල වූ බරපතල බාධාවක් ලෙස රවීන්ට කැමැති ඇතැමුන් විග්‍රහ කළෝය.

ගායනයෙහිලා රවීන් සතු හැකියාවෙන් ඔහුට තව ලොකු වැඩ කළ හැකි බව ඔහු ගැන දන්නා බොහෝ අය පිළිගත් සත්‍යයකි.

රංඟනය තුළ සිරවී සිටිනවා ද? රංඟනයෙන් මිදී ගායනයට වැඩි කාලයක් ලබා දෙනවාද?

රවීන් කනිෂ්කගෙන් බොහෝ දෙනා නැඟූ පැනය ද මෙය විය.

මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙන රවීන් කිව්වේ ඔහු තුළ සිටින ගායකයාට ආලෝකයක් වූයේ නළුවකු බවයි. ඒ නිසා රවීන් නමැති ගායකයා සඳහටම එම නළුවාට ණය ගැති බවත් රවීන් සිහිපත් කරයි.

රවීන් නමැති ගායකයාට ආලෝකය ගෙනා රංඟන ශිල්පියා නම් අන් කවරෙකුත් නොව රවීන් කනිෂ්කමය. ඔහු මෙලෙස පෙන්වා දෙන්නේ රවීන් කනිෂ්ක නමැති ගායකයාට ආලෝකයක් වන්නේ රවීන් කනිෂ්ක කියන රංඟන ශිල්පියා බවය.

ගායකයාට මතුවන්නට හැකියාව ලැබුණේ රංඟන ශිල්පියා ජනතාව අතරට යාමට සමත් වූ නිසා බව ඔහු පෙන්වා දෙයි.

තව දුරටත් ගායකයාට වගේම රංඟන ශිල්පියාටත් සාධාරණය ඉටු කරන අතරේ ඔහුගේ ගමන හෙමින් යාම රවීන්ගේ විදිය බවත් ඔහු පෙන්වා දෙයි.

Tags
Show More
Close