Daily News
Trending

රවීන්ගේ දිගැසී.

Raween Kanishka New Song




Raween Kanishka New Song | Starfriends.lk

රවීන් කනිශ්කගේ අලුත්ම ගීතය දිගැසී නමින් මේ දිනවල යූටියුබ් එකට මුදාහැර තිබෙනවා. රියැලිටි වේදිකාවෙන් ගායන ලෝකයට ප්‍රවේශ වූ රවීන් කනිශ්ක තරුණ කලාකරුවකු ලෙස ඉතා පරිස්සමෙන් තමන්ගේ ගමන යන බව පේනවා. ජනප්‍රිය සංස්කෘතියෙන් මිදී හරවත් රසවින්දනයක් උදෙසා නිර්මාණකරණයේ යෙදෙන රවීන් මේ වන විට තමන්ගේම නමින් ගීත කිහිපයක්ම එලිදක්වා තිබෙනවා. රංඟනයේදී රවීන් කනිශ්කව මුණගැසෙන්නේ ජනප්‍රිය ටෙලිනාට්‍ය එක්ක. නමුත් ඔහු ගේ ගීත කලාව වඩාත් ළං වන්නේ සුභාවිත ආරකට. දිගැසී කියන්නෙත් එවැනි සංයමයෙන් රසවිඳින්න පුළුවන් ගීතයක්.

ජීවිතේ හැඩරුව කියා දුන් දිගැසී
ආදරේ යළි මට මවා දෙනු නිලැසී
නීල උත්පල නයන පෙළ දිළිසී
කෝල පෙම්බර බැලුම් කෝ අඩැසී
දෑල නෙතු නිල දියවෙලා රතැසී
කෑර මල නුඹ රළු මසිත සැරසී

දිගැසී පටන් ගන්නේ ඒ විධියට. මෙහි මනා සංයමයෙන් යුතු සංගීත රටාව අරුණ ගුණවර්ධනගේ. ආදරණීය පද වැල මධුෂානි සරුක්කාලිගේ. මහින්ද බණ්ඩාරගේ ලීඩ් සහ රිදම් ගිටාර් වාදනයෙන් දිගැසී තවත් සජීවීකරණය වෙනවා. මෙහි බේස් ගිටාර් වාදනය සංගීත් වික්‍රමංසිහගේ. ඩ්‍රම්ස් වාදනය මංජුල කලුආරච්චි විසින් සිදු කරනවා. ෆ්ලූට් වාදනය කරන්නේ ජනක බෝගොඩ

ගායකයකු ලෙස රන්වීර් ට මේ වනවිට ඉතා හොඳ පිළිගැනීමක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම විදෙස් රවීන් එක්ක විදෙස් ගතව සිටින සැලකිය යුතු රසික පිරිසක් සිටිනවා. ඔහු අවස්ථා කිහිපයකදීම විදෙස් සංගීත ප්‍රසංග‌ වෙනුවෙන් සහභාගී වී තිබීම ද විශේෂයි. රංඟනයේ දී රවීන් ජනප්‍රිය රැල්ලේ කතාවක සිරවී සිටිම අපරාධයක් බවත් ඔහුගේ රංඟන කුසලතාව දෙස සුබවාදීව බලන ඇතැමුන්ගේ අදහසක් බවත් කියන්න ඕනේ.

විවිධ චරිත නිරූපනයන් ඔස්සේ රවීන්ව ඉදිරි වැඩත් එක්ක අපිට දකින්න ලැබේවි. නළුවෙක් වුණා කියලා කවදාවත් රවීන් සිය ගායන හැකියාවට තිත තැබුවේ නැහැ. ඒ වගේම හැකියාව මිස්යූස් කරලා රැල්ලට ගියෙත් නැහැ. මේ නිසා රවීන්ට තරඟයක් නැහැ. ඔහු ඉතාම සැහැල්ලුවෙන් තමන්ගේ ගමන නිවැරදිව යන බව පෙනෙනවා. ඉතින් ඔයාලත් රවීන්ගේ අලුත්ම ගීතය රසවිඳලා ඒ ගැන අදහස් ඔහුට කියන්න. දැන් දිගැසී ඉන්නේ අන්තර්ජාලයේ.

Raween Kanishka New Song | Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close