Daily News
Trending

රනින් පිදූම් ලැබූ සුපිරි තරු..




වසරේ දැවැන්තම සිනමා රාත්‍රිය පසුගියදා නිමා වූයේ බොහෝ දෙනෙකුගේ සිත අමන්දානන්දයට පත් කරමිනි. බොලිවුඩයේ සුපිරි තරු වන ගෝවින්දා, ශිල්පා ශෙට්ටි, සෝනක්ශි සිංහා, සිද්ධාර්ත් මල්හෝත්‍රා, සයිෆ් අලීකාන් මෙම සිනමා රාත්‍රිය හැඩ කරන්න ඉන්දියාවෙන් ඇවිත් තිබුණේ ලංකාවේ රසිකයින්ද පුදුමයට පත් කරමින්.

මෙම සිනමා රාත්‍රියේදී ජනප්‍රියම නළුවා ලෙස උද්ධික ප්‍රේමරත්න සම්මානය හිමි කර ගනිද්දී ජනප්‍රියම නිළිය වුයේ පූජා උමාශංකර්ය. වසරේ හොඳම නළුවා ලෙස සම්මානය හිමි කරගත්තේ දසුන් පතිරණය. ස්වර්ණා මල්ලවාරච්චි හොඳම නිළිය සම්මානය හිමි කරගත්තේය. එමෙන්ම හොඳම සහය නිළිය වුයේ උමාලි තිලකරත්නය. සහය නළුවා සම්මානය කුමාර තිරිමාදුර හිමි කර ගත්තේය.

මෙයට අමතරම ගෝවින්දාට විශේෂ සම්මානයක් ප්‍රධානය කරනු ලැබුවේ ඔහු සිනමාවට කළ විශේෂ සේවය සිහිපත් කරමිනි. ජනප්‍රියම සිනමාපටය පත්තිනි සිනමා පටය හිමිකර ගනිද්දී හොඳම සිනමාපටය වුයේ ඇගේ ඇස අග සිනමාපටයයි. මෙයට අමතරව තවත් සම්මාන කිහිපයක් තරු හිමිකරගත් අතර. ලංකාවේ දැවැන්තම සිනමා සම්මාන උළෙල මෙසේ නිමා වුයේ මීළඟ සිනමා උළෙලේ උණුසුම ඇති කරමිනි.

Tags
Show More
Close