Hollywood & Bollywood
Trending

රන්වීර්ගෙන් අරුම පුදුම වැලන්ටයින් ගිෆ්ට් එකක්.




වැලන්ටයින් එකත් කිට්ටු වුණා. ඔයාලත් ඔයාලගේ ආදරවන්තයාව හෝ අදාරවන්තියව සතුටු කරන්න මොකක් හරි ප්ලෑන් එකක් හිතුවද? ආදරය කියන්නේ හිතේ ගැඹුරටම කිඳාබසින හැඟීමකට. ඒ හැඟීම ආත්මය්ක් පාසා සැරිසරනවා. ඉතින් එක දවසකට ආදරය සීමා කරන්න බැහැ. ඒත් ඒ දවසට පුළුවන්කම තියෙනවා ආදරය කියන ගැඹුරු සංකල්පය සංකේතවත් කරන්න. පෙම්වතුන්ගේ දිනය නොහොත් වැලන්ටයින් දිනය නම් කෙරෙන්නේ ආදරයේ සංකේතයක් විධියට.

පෙබරවාරි 14 වැනිදාට ආදරය සංකේතවත් කරලා යම් යම් දේවල් හුවමාරු කරගැනීම පෙම්වතුන් පෙම්වතියන්ගේ පුරුද්දක් බවට පත් වෙලා. බොලිවුඩ්වල ඒ පුරුද්ද බොහොම ජයට ක්‍රියාත්මක වෙනවා කියලා ඔයාලා දන්නවානේ. ඉතින් සුපිරි නළු රන්වීර් සින් ඔයාලාට වැලන්ටයින් ගිෆ්ට් එකක් දෙන්න යනවා කියලා අපිට දැනගන්න ලැබුණා. මේ කියන්න හදන්නේ ඒ ගැන.

පසුගිය වසර, සිනමා දිවියේත් පෞද්ගලික දිවියේත් සාර්ථක වසර බවට පත් කරගත් රන්වීර් සින් මෙම වසරේ ගලිබෝයි නම් නවතම සිනමා කෘතියකින් අපට මුණගැසෙනවා. එහි ඔහු රඟපාන්නේ ආලියා බාත් සමඟ. ආලියා සහ රන්වීර් මෙලෙස තිරයේ පෙම්වතුන් බවට පත් වන්නේ පළමු වතාවට. මෙහි කියවෙන්නේ රැප් කලාකරුවන්ගේ ජීවිත ගැන. රන්වීර් ආලියා බාත්ට හාදු දෙන දර්ශන ද මෙම සිනමා පටයට අන්තර්ගත වෙනවා. ඒ වගේම රන්වීර් මෙම චරිතය සඳහා ආහාර රටාව පවා වෙනස් කරමින් මහත් කැපවීමෙන් දායකත්වය ලබා දෙනවා.

උදාවන පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් රන්වීර්, ගලිබෝයි ඔස්සේ සිය ආදරණීය රසික රසිකාවියන්ට ආදරය ප්‍රකාශ කරනවා. ඒ පෙබරවාරි 14 දා සියලුම පෙම්ව‍තුන්ට සහ පෙම්වතියන්ට ගලිබෝයි පෙන්වන්න කියන ආරාධනාවත් එක්ක.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close