Daily News
Trending

රන්දීර් යුරේනිව විවාහ කර ගනිවිද..?




භාතිය සංතුෂ් ජනප්‍රිය ගායක යුවළක්. මේ දෙන්නා ජනප්‍රිය වෙන කොට මේ දෙන්නා එක්ක වේදිකාවේ ඉඳපු තවත් තරුණයෙක් දිහාවට හෑමෝගෙම අවධානය යොමු වුනා. අද ඔහු තමන්ගේම ගීත ගායනයෙන් ලොකු ගමනක් ඇවිත් තියෙනවා.

ඒ වෙන කවුරුත් නෙමෙයි රන්දීර්. නාමල් මිටක් දෝතින් අරන් ගීතයත් එක්ක තරුණියන්ගේ හදවත් සොරා ගන්න ඔහුට හැකි වුනා. පසුගියදා රන්දීර් සමීප යහළුවන් ගැන කතා කරද්දී යුරේනි නොෂිකා ගැනත් කතා කරලා තිබුණා. එක්තරා ගීතයක මේ දෙන්නා එකට රඟපාලා තිබුණා. ඉතින් රන්දීර් කියපු විදියට රඟපාන්න කිසිම දෙයක් නොදන්න ඔහුට යුරේනි මේ හැමදේම කියලා දුන්නලු. යුරේනි කියන්නේ ක්ෂේත්‍රයේ ගොසිප් චරිතයක් වුනත් ඇය බොහෝම නිහතමානී චරිතයක් කියලා තමයි රන්දීර් කියලා තිබුණේ.

ඉතින් මේ කතාවෙදී රන්දීර්ගෙන් අහලා තිබුණා යුරේනිගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවද කියලා. ඒ වෙලාවේ රන්දීර් කියලා තිබුනේ ඒ වෙලාවේ පවතින වාතාවරණය ගැන හිතලා, හොයලා බලලා මේ යෝජනාව පිළිගැනීම ගැන සළකලා බලනවා කියලා. එහෙම තමයි ඉතින් රන්දීර් යුරේනි ගැන කියලා තිබුණේ. මේ දිනවල රන්දීර් ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ ඔහු BNS ගෙන් ඉවත් වෙලා කියලා කියන නිසා. ඒ අය එක්ක තරහක් නැති බවත් තමන් ගීත කිහිපයක් තනියම කලා කියලා තමයි රන්දීර් ඒ ගැන කියලා තිබුණේ.

Tags
Show More
Close