Daily News
Trending

යුරේනි ජිප්සීස් සුනිල් එක්ක නටන නැටිලි මෙන්න. Exclusive Photos & Videos

Yureni Noshika's New Music Video - Eya Meya (එයා මෙයා) - Gypsies




Yureni Noshika’s New Music Video Exclusive from Starfiends.lk

යුරේනි සුපර් හොට් නිළියන් අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්නේ. විශේෂයෙන්ම යුරේනිගේ ඇඳුම් විලාසිතා සම්බන්ධයෙන් බොහෝ විට කතාබහට ලක්වෙනවා. යුරේනි ලස්සනට අඳින්න වගේම නිදහසේ ජීවත් වෙන්නත් ප්‍රිය කරන සරල චරිතයක්.

මේ දවස්වල යුරේනිගේ පට්ට වීඩියෝවක් අන්තර්ජාලයේ උණුසුම් ප්‍රතිචාර එක්ක හුවමාරු වෙනවා. මේ වීඩියෝවට පෙනී සිටින්නේ ලංකාවේ බ්‍රෑන්ඩඩ්ම වොයිස් එකට හිමිකම් කියන ජිප්සීස් සුනිල්.

සුනිල් පෙරේරාගේ (Sunil Perera) අලුත්ම ගීතය “එයා මෙයා” කියලා ළඟදී දවසක රිලීස් කරනවා. එහි මියුසික් වීඩියෝවට සම්බන්ධ වන්නේ යුරේනි. ජිප්සීස් වැඩක් කිව්වම ඉතින් හිට් වෙන එක අරුමයක් නෙමෙයි. ඒකට යුරේනිගේ ඇක්ට් එකකුත් එනවා කියන්නේ සුපර් හිට් එකක් වෙනවා කියන එක. ඉතින් එයා මෙයා මියුසික් වීඩියෝ එකත් මේ වනවිට සුපර් හිට් එකක් වන ලකුණු පළකරලා තියෙනවා.

කාර්යාලවල ලස්සන නිලධාරිනියන් සහ ප්‍රධානීන් අතර ඇතිවන ලව් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එහෙම ලව් නිසා පවුල් අවුල් කරගන්න නිලධාරීන් ද ඕන තරම් ඉන්නවා. යුරේනිත් ඒ වගේ කාර්යාලයක සේවයට ආපු සෙක්සි නිලධාරිනියක්. සුනිල් ඒ කාර්යාලයේ සේවය කරන වයසින් මුහුකුරා ගියපු බොස්. වයස ගියත් බොසාලට තියෙන්නේ පුදුමාකාර ආකර්ශනයක්. අන්තිමට සුනිල් යුරේනි ආදරයෙන් බැඳෙනවා. මේ කාර්යාල ප්‍රේමය ගැන ගෙදර උන්දෑගෙන් හංගනවා බොරු. සුනිල්ගේ බිරිඳත් මේ සිද්ධිය දැනගෙන ඔහුත් එක්ක රණ්ඩු කරනවා. එහෙම තමයි මියුසික් වීඩියෝව වගේම ගීතයත් ගලාගෙන යන්නේ.

එයා මෙයා ගීතයේ වචන චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ. මෙලඩි එක සුනිල් සහ පියල්ගේ. මියුසික් ඇරේන්ජ් එක දුෂාන් ජයතිලකගේ. වීඩියෝව චමල් පතිරණගේ.

Yureni Noshika’s New Music Video Exclusive from Starfiends.lk

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close