Daily News
Trending

යුරේනි අහුවෙන අහුවෙන කෙනාට ආදරය කරනවාලු.

Yureni Noshika




Yureni Noshika Exclusive from Starfriends.lk

නානාප්‍රකාර ෆැෂන් නිසා ඕන සභාවක, දෙනෝ දාහක් අතර වුණත් කැපී පෙනෙන යුරේනි කටකාර දඟකාර කෙල්ලක්.

කොටින්ම යුරේනිට බාහිර සමාජය මොනවා කියයිද වගේ කතන්දර අදාලම නෑ. එයා නිදහසේ ෆැෂන් කරනවා. කතා කරනවා, නටනවා, දඟලනවා.

ඔන්න දවසක් කටකාර හැඩකාර යුරේනි රූපවාහිනී live program එකකට ආවා. යුරේනි ආවා කියන්නේ ඉතින් ඒ program එක full happening නේ.

එක අතකින් නත්තල ඉවරවුණා විතරයි. මේ ගෙවෙන්නේ උත්සව සමය. අලුත් අවුරුදු උදාවයි නත්තලයි දෙකම එක ළඟම උදා වුණාම සතුටත් උතුරලා යනවා.

ජේසු ස්වාමි දරුවන් අපිට කියලා තියෙන්නේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා. නත්තලේ සැබෑ අරුත වන්නේ ආදරය. ඉතින් මේ උත්සව සමයේ හැමෝටම ප්‍රේම කරන්න යුරේනි තීරණය කළා ලු.. යුරේනි කටකාරකමට මේ ගැන කියන්නේ විහිළුවට වුණත් ඒ කතාවේ ගැඹුරක් තියෙනවා.

” මං මේ සීසන් එකේ අහුවෙන අහුවෙන කෙනාට ආදරය කරනවා “

යුරේනි ජනප්‍රිය නිවේදකයාට එහෙම කියනවා. මෙහෙම ආදරය කරන්න ගිහිං සමහර විට යුරේනිට බඹා කෙටුව පෙම්වතාව මුණගැහෙන්නත් ඉඩ තියෙනවා. කොහොම වුණත් දැන් යුරේනි කාට හරි ආදරය කරනවා නම් ඒකට සුදුසු වයස තමයි මේ.

අලුත් අවුරුද්දේ ඒ පැත්තෙන් සුබ දායක ආරංචියක් ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා ඔන්න අපිත් යුරේනිට සුබපතනවා.

Yureni Noshika Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close