Daily News
Trending

යුරේනිට පෙම්වතෙක් විතරක් නෙමෙයි දරුවෙකුත් ඉන්නවා.




 

යුරේනි නොෂිකා කියන්නේ කවුරු මොනවා කිව්වත් ඒ ගැන නොහිතා තමන්ගේ විදියට ගමනක් යන කෙනෙක්ටනේ. යුරේනි අඳින පළඳින ආකාරය වගේම හැසිරෙන විදියත් ටිකක් වෙනස්. ඇයට ඒවා සම්බන්ධයෙන් වාරණ දාන්න කිසිවෙක් නැහැ. තැනට ගැලපෙන විදියට අඳින්න පළඳින්න ඇය දන්නවා.

කූඹියෝ කතාවේ හිරුණි නිසා යුරේනිට සෑහෙන ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. ඊට පස්සේ තවමත් ඇය ටෙලි නිර්මාණයක් භාරගෙන නැහැ. මොකද යුරේනි බලාපොරොත්තුවන වටිනාකම ලැබෙන නිර්මාණයක් ඇයට ලැබිලා නැහැ.

කූඹියෝ සෙට් එක ෆිල්ම් එකක් කරන්න ප්ලෑන් කරනවාලුනේ. ඒකට නම් යුරේනිත් සම්බන්ධ වෙනවලු.

ඒක නෙමෙයි වැඩේ, යුරේනිට පෙම්වතෙක් වගේම දරුවෙකුත් ඉන්නවාලු. එයාට යුරේනි පණ වගේ ආදරෙයිලු. කවුද දන්නවද ඒ? යුරේනිගේ අලුත්ම කාර් එක. පෙම්වතයි දරුවයි වගේ හුරතලෙන්, ආදරෙන් බලාගන්නේ ඒ කාර් එකලු. යුරේනිගේ කාර් එක කාටවත්ම අල්ලන්න දෙන්නෙත් නෑලු. ඒතරම් ආදරයක් කාර් එකට තියෙන්නේ.

ස්පෝර්ට් කාර්, රේසින් කාර් වලට යුරේනි හරිම කැමතියි. හැබැයි ඉතින් පෙම්වතා විදියට කාර් එකකට ලව් කරන්න පටන්ගත්තම කොල්ලෙක්ට ලව් කරන්න අමතක වෙයිද දන්නෙත් නෑ. යුරේනි නම් කියන්නේ තාම හිත ගිය තැන මාලිගාව හැදුනේ නෑ කියලා. විවාහය ඉතින් ඔය කොයිවෙලාවක හරි වෙයි කියලනේ යුරේනි කියන්නේ.

කොහොම වුණත් යුරේනිගේ කාර් පෙම්වතාට නම් යුරේනි පණ ඇරලා ලව්. දරුවෙක් වගේලුනේ බලාගන්නේ. පෙම්වතෙක් ලැබුණ දවසක ඔහුවත් ඒ වගේම ආදරෙන් බලාගනීවි කියලා තමයි මේ කාර් ප්‍රේමය ගැන යුරේනිට පෙම්වතෙක් විතරක් නෙමෙයි දරුවෙකුත් ඉන්නවා සමහරු නම් කියන්නේ.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close