Daily News
Trending

මේ අවුරුද්ද අනූෂලාට ජයයි.

Sri Lankan Celebrities




Sri Lankan Celebrities Exclusive from Starfriends.lk

අලුත් අවුරුද්ද අනූෂලාට නම් ජය පාටයි. ඔයාලා හොඳින්ම අඳුරන අනුෂා සොනාලිට සහ අනූෂා දමයන්තිට තමයි මේ විධියට අවුරුද්ද සරුවෙලා තියෙන්නේ.

ඒ අනුව රංඟන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මියට නිවසක් පිරිනැමීම බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී සිදුකෙරුණා. අනුෂා සොනාලි කාලයක්ම තමන්ගේ බැරි අමාරුකම් මාධ්‍යයට පවසමින් දුක් වුණා. සජිත් ප්‍රේමදාස ඇගේ දුකට සංවේදී වෙලා ඇය වෙනුවෙන් මේ පරිත්‍යාගය කරන්න ඉදිරිපත් වෙනවා.

විසිදැල, හඬන කිංකිණි, භව සසර, සුන්දර වරද වැනි චිත්‍රපට මෙන්ම කලා නිර්මාණ රැසකට අනූෂා දායක වී තිබෙනවා. 1995 වසරේදී ඇය නැගී එන නිළිය ලෙස සරසවි සම්මානය ඇතුළු සම්මාන රැසක් හිමිකරගත් සම්මානනීය රංඟන ශිල්පිනියක් ද වනවා. ජීවිතයේ බොහෝ ප්‍රශ්න වලට මැදි වූ අනූෂා දුෂ්කර ජීවිතයක් ගත කරමින් සිටියා. ඒ නිසා ඇයට ලැබුණ මේ නිවස මහත් අස්වැසිල්ලක් වෙනවාට සැකයක් නැහැ.

ඒ අනුව අඟුලාන ” සයුරුපුර” නිවාස යෝජනා ක්‍රමයෙන් ලක්ෂ 30 පමණ වටිනා නිවසට අදාළ ලිපි ලේඛන නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පිරිනැමීම සිදුකෙරුණා.

මේ අවුරුද්ද හොඳටම ජය, අනෙක් අනුෂා වන්නේ හිත හොඳ අනූෂා දමයන්ති. ඇයගේ විවාහය මේ වසරේදී අනිවාර්යෙන්ම සිදු වීමට නියමිතව තිබෙනවා. ඒකට හේතුව, අනූෂාගේ මවඅනිවාර්යෙන්ම ඇගේ විවාහය මේ වසරේදී සිදුවිය යුතු බවට බලකර සිටීම. ඉතින් දැන් මේ වනවිට අනූෂාගේ විවාහයට අදාල බොහෝ දේ සම්පූර්ණ වී අවසන් බවත් දැනගන්න ලැබෙනවා. අනූෂාට ඔහුව මුණගැහිලත් වසර දහයක් පමණ වෙනවාලු. ඔහුගේ ව්‍යාපාර කටයුතු සහ ඇගේ රංඟන කටයුතු නිසා තමයි ඔවුන්ගේ විවාහය මේ තරම් ප්‍රමාද වන්නේ.

දැන් ඉතින් අනාගතය ගැන හිතන්න ඕනේ කියලා අනූෂා අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා ඇය මේ වසරේ නිර්මාණ භාරගනිද්දී පවා පරිස්සම් වෙනවා. දවසින් දවස පස්සට ගිය අනූෂාගේ විවාහය 2019 වසරේ සිදුවන බවට මේ ආකාරයට තහවුරු වීම ඇගේ දිවියේ ඉතාම සුබ ආරංචියක්.

ඒකයි අපි කියන්නේ මේ වසර අනූෂලාට සුබයි කියලා.

Sri Lankan Celebrities Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close