Daily News
Trending

මේනකායි රනිලුයි නැටිල්ල පැත්තක දාලා ත්‍රිකුණාමලේ ගිහිං




ඔයාලා දන්නවනේ… පහුගිය දවස්වල මේනකායි රනිලුයි හරි හරියට මහන්සි වුණේ නටන්න. මේනකාට නටනවා කියන එක ඊසි වුණාට රනිල්ට එහෙම නැහැනේ. එයා ඉතිං දවසගානෙ මේනකා එක්ක ප්‍රැක්ටිස් කළා. බෑ බෑ කිව්වට අන්තිමට ඉතිං දෙන්නම රියැලිටි වේදිකාවට ආවම දක්ෂයා කවුද කියලා හොයන්නත් බෑ. ඒ තරමට රනිල් එයාගෙ වැඩේ නියමෙටම කරනවා.

මේනකාත් පූරි කතාවෙ එක විදියක චරිතයක් කරනවා. මේ දවස්වල පූරි නිසා මේනකාට හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති.

මේ සේරම වැඩ තියෙද්දි මේනකයි රනිලුයි හිටි හැටියේ පරෙයි දූපතෙන් මතුවෙලානේ. දෙන්නා ත්‍රිකුණාමලේ ගිහිල්ලා. බලන්න එපැයි ඉන්න සැහැල්ලුව. පොඩි ළමයි පිරිවරාගෙන ෆොටෝ එහෙමත් ගහලා හරිම නිදහසේ ඉන්නවා තමයි දකින්න ලැබුණේ.

ඒකාකාරී ජීවිතයෙන් ඈත් වෙන්න හිතිලද කොහෙද මේනකායි රනිලුයි ත්‍රිකුණාමලේ පරෙයි දූපතට යනවා. ඒ ඡායාරූප කීපයක් අන්තර්ජාලයේ සැරිසරද්දි අපිටත් මුණගැහුණා.

කොහොම වුණත් මේනකා සහ රනිල් ඉතාම සතුටින් පසුවෙන බව නම් ඒ පින්තූර දැක්කම කියන්න පුළුවන්. ලංකාවේ යනවා නම් යන්න වටින හරිම ලස්සන තැනක් තමයි පරෙයි දූපත කියන්නේ. ඉතිං එහේ ගියාම සතුටින් ඉන්න ලැබෙන එක අහන්නත් දෙයක්ද?

Tags
Show More
Close