GossipsHollywood & Bollywood
Trending

මේගන් – කේට් සීතල යුද්ධය උණුසුම් වෙලා

Meghan & Kate




Meghan & Kate Exclusive from Starfriends.lk

බ්‍රිතාන්‍ය රජ පවුලට එකතුවුණ ලේලිලා දෙන්නාගේ සීතල යුද්ධයක් ගැන කනින් කොනින් තොරතුරු වාර්තා වුණානේ. විලියම් සහ හැරී කියන දෙසොහොයුරන්ගේ අත ගත්ත කේට් සහ මේගන් තමයි මේ විදියට පොඩි පොඩි හිත් අමනාපකම් ඇති කරගෙන තිබුණේ. චාර්ල්ස් සහ ඩයනාගේ පුතුන් දෙදෙනා වූ විලියම් සහ හැරී ඔටුන්න හිමි කුමාරවරුන් වෙනවා. හැරී කියන්නේ මේ පවුලේ හිතුවක්කාරයා. රජ පවුලේ නීති රීති සම්බන්ධයෙන් හැරී ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. ඔහු තමන් රාජ කුමාරයෙක් කියන කතන්දරේ පවා පැත්තකට දාලා තමන්ට වඩා වයසින් වැඩිමහල් නිළියක්ව කසාද බඳිනවා. රජ පවුලේ රීතිවලට පිටින් යන්න මේගන් කුමරිය පවා දෙපාරක් හිතන්නේ නැහැ. මේ දෙන්නාම සමාජශීලී අය. විලියම් සහ කේට් රජපවුලේ සිරිත් විරිත් ආරක්ෂා කරමින් ජීවත්වනවා. මේ දෙන්නාට දැන් දරුවන් තිදෙනෙක් සිටීමත් විශේෂත්වයක්.

හැරීගේ විවාහයත් එක්ක මේගන්, සසෙක්ස්හි ආදිපාදවරිය බවට පත් වෙනවා. ඇය මේ දිනවල මවු පදවිය වෙනුවෙන් සූදානමින් සිටිනවා. ඇයගේ සැමියා තමයි සකෙස්හි ආදිපාදවරයා වන්නේ. මේ රාජකීය යුවල ජීවත් වෙන්‌නේ කෙන්සිංටන් මාලිගයේ. නමුත් මේගන් කුමරිය සහ කේට් කුමරිය අතර ඇතිව තිබෙන විරසකයක් නිසා මාලිගයේ ප්‍රශ්න හටගෙන තියෙනවාලු. මේ නිසා කෙන්සිංටන් මාලිගයේ සේවක මණ්ඩලය පවා දැඩි අසහනකාරී තත්ත්වයකින් පසුවන බව දැනගන්න ලැබෙනවා. මේ ප්‍රශ්නය කොයිතරම් දුරදිග ගිහින්ද කියනවා නම්, රාජකීය රියදුරු කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙක් අස්වෙන්න පවා තීරණය කරලා. සමහරු නම් කියන්නේ මේගන් කුමරියගේ කිසියම් වරදක් නිසා ඔවුන් මෙලෙස ඉවත් වන්න තීරණය කර ඇති බව.

සහෝදරවරු දෙන්නා අතර නොතිබුණ ප්‍රශ්න බිරින්දෑවරු නිසා ඇතිවෙන්න යන එක ඛේදජනක තත්ත්වයක්. බ්‍රිතාන්‍ය රජ පවුලේ නඩත්තුව සඳහා එරට වැසියන් අතිවිශාල ධනස්කන්ධයක් වැය කරනවා. එහෙමත් තියෙද්දි සැප සම්පත් බෙදාගන්න බැරිව තියෙන රාජකීය වලි ගැන අහන්න ලැබුණාම හිතාගන්නවත් බැහැ. සැප වැඩි වුණත් ප්‍රශ්න. සැප නැතිවුණත් ප්‍රශ්න. අන්තිමේ එච්චරයි කියන්න වෙන්නේ.

Meghan & Kate Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close