Daily News
Trending

එයාට තරහා යනවා මට හිනා යනවා….




මෙතන තරහා යන්නේ ප්‍රදීප් රංඟනට. හිනා යන්නෙ ප්‍රදීප්ගේ වයිෆ් චතුරිකා ප්‍රසාදිනීට.

ඔයාලා ප්‍රදීප් රංගනව නම් දන්නවානේ. ඔහු සිරස සුපර්ස්ටාර් කිරුල දිනාගත්ත ගායකයෙක්. ඒ වගේම වෛද්‍යවරයෙක්. ප්‍රදීප් ගැන මේ කියන්නෙ ඔහුගෙ බිරිය චතුරිකා.

ප්‍රදීප් ලව් කරන කාලෙ හරිම අහිංසක පෙම්වතාලු. විවාහයෙන් පස්සෙ තමයි ඇය ප්‍රදීප්ගෙ නොදැක්ක ගතිගුණත් දකින්න පටන්ගන්නේ.

චතුරිකා ප්‍රදීප්ව ගෙදර දොර සියලු කටයුතු වලින් නිදහස් කරලා නිවසේ පාලන බලය සියතට අරගෙන ඉන්නේ . ඒ මොකද දන්නවද? හොඳ්ද් නිර්මාණයක් එලියට එන්න නම් එයා නිදහසේ ඉන්න ඕනනේ . අන්න ඒ නිසා.

ප්‍රදීප්ට වැඩ රාජකාරි වැඩියිනේ . ඉතිං මොනවා ඇහුවත් උත්තරේ ලැබෙන්නෙ පරක්කු වෙලා. මේකට නම් ඇය ඒතරම් කැමති නැහැ. ඒත් මොනා කරන්නද? තේරුම්ගන්නවා මිසක.

ප්‍රදීප්ට වැඩිය කේන්ති යන්නෙ නැහැලු. ඉඳලා හිටලා ප්‍රදීප්ට කේන්ති ගියාම චතුරිකාට හිනා යනවලු.ඒ තරම් ඒක දුර්ලභ අවස්ථාවක් කියලා තමයි ඇය කියන්නේ .

ප්‍රදීප් ඉතාම ඉක්මනින් සංවේදී වන අහිංසක මිනිසුන් ගැන ගොඩාක් හිතන කාරුණික කෙනෙක් බවත් ඇය කියනවා. නිර්මාණකරුවෙක් හැටියට ප්‍රදීප්ට චතුරිකා වගේ බිරියක් ලැබීම වාසනාවක්. ඇය ඔහුට ලබාදෙන සහයෝගය දැක්කම ඕනම කෙනෙක්ට එහෙමයි හිතෙන්නෙ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close