GossipsHollywood & Bollywood
Trending

මුහුණ නොදැක විවාහවුණ ඉම්රාන් ඛාන්ගේ තුන්වැනි කසාදේ…




ඉම්රාන් ඛාන් කියන්නෙ පකිස්තානයට ක්‍රිකට් එක් දින ලෝක ශූරතාව දිනා දුන් නායකයා. ඒ වගේම ඔහු පකිස්තානු දේශපාලනයේ ප්‍රබල චරිතයක්. තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුට කඩවසම් රූපයක් ද තිබුණා.

දැන් මේ කියන්න හදන්නෙ ඔහු ගැන පෞද්ගලික විස්තරයක්. මේ වනවිට ඔහු තුන්වන වතාවටත් විවාහ වූ කෙනෙක්. තුන්වන වර ඔහුගේ අත ගන්නෙ අධ්‍යාත්මික මාර්ගෝපදේශිකාවක්. බුෂ්රා මනේකා වන ඇය පකිස්ථානයේ සුෆි ධර්මය අදහන පස් දරු මවක් ද වනවා. මීට කලින් ඉම්රාන් විවාහ වුණේ බීබීසී මාධ්‍යවේදිනියක් වූ රෙහාම් ඛාන් සමඟ.

ඉම්රාන්ගේ තුන්වන විවාහයේ විශේෂත්වයක් තියෙනවා. ඒ ඔහු ඇයව විවාහ කරගන්නා තෙක්ම ඇගේ රූපය නොදැක තිබීම. මුහුණ ආවරණය නොකර තමාව මුණගැසෙන්න එන්න කියලා ඉම්රාන් ඉල්ලා සිටියත් ඇය ඊට එකඟ වන්නෙ නැහැ. ඒ නිසා ඔහුට ඇයව දකින්න ලැබෙන්නෙ විවාහයෙදි.

අපි විවාහ වුණාට පස්සේ ඇය මුහුණ නිරාවරණය කළා. මම ඇය දැක්කම සතුටු වුණා.”මගෙ හිතේ බලාපොරොත්තු කඩවීමක් නැහැ” පළමු වතාවට ඇයගේ මුහුණ දැක්කම ඉම්රාන් පවසනවා.

තමාගේ විවාහ ජීවිතයේ සිදුකරගත් ලොකුම වරද ඔහුගේ දෙවැනි විවාහය බවත් ඔහු පවසනවා.

Tags
Show More
Close