Daily News
Trending

මිස් මිසිස් වුණාම පස්සට යනවා.-මහේෂි මදුශංකා




ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරඟය පසුගියදා නිමා වුණේ අති උත්කර්ෂවත් රාත්‍රියකින්. මේ රාත්‍රිය හැඩ කරන්න විවිධ ක්ෂේත්‍ර ගනණාවකින්ම බොහෝ පිරිසක් ඇවිත් තිබුණා.

මේ තරඟාවලියට සහභාගී වුණ රංඟන ක්ෂේත්‍රය නියෝජනය කළ පිරිස අතර හිටපු තරුවක් තමයි මහේෂි මදුශංකා කියන්නේ. කොයිතරම් ලස්සනට ඇය මේ උත්සවයට ගියාද කිව්වොත් සමහරු ඇහුවේ මහේෂි ජැකලින් වගේද කත්‍රිනා වගේද කියලා. මේ වෙලාවෙදී ඇගෙන් අදහස් විමසුවම ඇය ටිකක් අමුතු කතාවක් කියනවා.

ඕනෑම කාන්තාවක් මිසිස් කියන ලේබලයට යටත් වුණාම ටිකක් පස්සට යනවලු. ඇගේ වචනයෙන්ම කියනවනම් මිස් මිසිස් වුණාම පස්සට යනවලු. ඒ වගේම බොහෝ දෙනෙක් කතා කරන්නේ මිස්ලා ගැන විතරලු, මිසිස්ලා ගැන වැඩිය හොයන්නේ නැහැ කියලා තමයි මහේෂී කියලා තිබුණේ. අපේ අම්මලා වුනත් ගෙදරටම වෙලාලු ඉන්න බලන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ තරඟයක් සංවිධානය කළාට චන්දිමාල්ට ඇය ස්තුති කරලත් තිබුණා.

Tags
Show More
Close