Daily News
Trending

මාෂි කසාද බැඳලා තියෙන්නෙ බබෙක්ව.




කතා නොකර හිටියත් තරහා වෙනවලු. මේ කියන්න යන්නෙ අලුත බැඳපු ජෝඩුවක් ගැන. ඔයාලා දන්නවනෙ පුබුදු සහ මාෂි. මේ දෙන්නගෙ මංගල්යය ජයටම ගත්තානෙ. ඉතිං ඊට පස්සෙ මොකද වෙන්නෙ. ඒ ගැන මාෂි පැහැදිලි කරනවා. මාෂි කියන විදියට පුබුදු ආදරය කරන්න නම් හොඳටම දන්නවාලු. එයා ළඟට වෙලා ඉන්නවා නම් පුබුදුට වෙන මොනවත්ම ඕනෙ නෑලු. හැබැයි පුබුදු වෙලාවකට බබෙක් වගේලු. මාෂි කතා නොකර ඉන්න එකට තමයිලු පුබුදු ආසම නැත්තෙ. බැරිවෙලා හරි පුබුදුගෙ කෝල් එකකට ආන්සර් කරන්න බැරිවුණොත් ඔන්න එයාට කේන්ති යනවාලු. හැබැයි ඉතිං පුබුදු මාෂිට හරිම ආදරෙයි. ඉස්සරටත් වඩා දැන් මාෂි පුබුදුගෙ ආදරය විඳිනවා. පුබුදු ෆැෂන් කරන්න නම් චුට්ටක්වත් උනන්දු නැහැ කියලා තමයි මාෂි කියන්නෙ. බොටමයි ටී ෂර්ට් එකයි දාගෙන යන්නලු එයාට ඕනෙ. ඉතිං පුබුදුව පොෂ් කරලා ෆැෂන් කරවන්නෙ නම් මාෂි. නැත්නම් ඔහේ පොඩිවෙච්ච ඇඳුමක් වුණත් ඇඳගෙන යනවලු. දෙන්නා නිවාඩුවක් ලැබුණම ගාලු යන්න ආසයි. එහේ ගියාම හරි නිස්කලංකයි කියලා තමයි මාෂි කියන්නෙ. පුබුදුයි මාෂියි දෙන්නම දෙගොල්ලන්ගෙ පවුල්වල සමාජිකයො එක්ක හරිම එකතුයි. ඉතිං මේ නිසා දෙන්නම ආදරෙන් විවාහ ජීවිතය ගතකරනවා

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close