Daily News

මාමණ්ඩි එක්ක ශෂිනි සින්දු කියපු හැටි.




ශෂිනි සිරිවර්ධන කියන්නේ ධනංජය සිරිවර්ධනගේ ප්‍රියංබිකාව. සිරිවර්ධන පවුල කලාකාමීන්ගෙන් පිරුණ රස ගුලාවක්. සුනිල් සිරිවර්ධන කියන්නේ ඒ පවුලේ මුදුන් මුල. චන්ද්‍රිකා සිරිවර්ධන, ධනංජය සිරිවර්ධන, මධු මාධව ආදී මේ හැමෝම සිරිවර්ධන පවුලේ කලා පුරුක්. ශෂිනි සම්බන්ධ වෙන්නේ එහෙම පවුලක ලේලියක් විදියට නෙමෙයි දුවක් විධියට.

ධනංජය එයාගේ ෆේස්බුක් පිටුවට තාත්තයි දුවයි කියලා ලස්සන ප්‍රෝග්‍රෑම් එකක වීඩියෝවක් එකතු කරනවා. ඒකේ ඉන්නේ ඇත්තම ඇත්ත කිව්වොත් මාමයි ලේලියි. ඒත් ඒ සම්බන්ධය තාත්තලා දූලා අතර සම්බන්ධය තරමටම ගැඹුරුයි.

කොහොම වුණත් වැඩසටහනේ නම Ton Poem . මෙහෙයවන්නේ සිරිවර්ධන පවුලේ බාලයා. මෙම වැඩසටහනේ ඉතාම විශිෂ්ට ලෙස සංගීතය හසුරවන්නේ දිනේෂ් සුබසිංහ. ටෝන් පොයම් වැඩසටහන සුනිල් සිරිවර්ධන එක්ක සින්දු කියන්න ආවේ ශෂිනි සිරිවර්ධන. වරක් අපි ශෂිනිගේ ගායන හැකියාව දැක්කේ ඇගේම ගීතයකින්. මේ වැඩසටහනත් එක්ක ආයෙත් ඒ මතකය අලුත් වුණා.

රණ්ඩු වෙවී යාළු වෙවී දුවපැන වතු මිදුලේ….

ශෂිනියි සුනිල් සිරිවර්ධන මහතායි සහභාගී වුණ වැඩසටහන රසවත් වුණේ ඒ විධියට. යූටියුබ් එකෙන් ඔයාලටත් ඒ මිහිර අත්විඳින්න පුළුවන්

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close