Daily News
Trending

මාධවීගේ පෙම්වතා බඳින්නත් කලින් කරපු හොරවැඩක්.මාධවීගෙ යාළුවන්ටත් කෝල් කරලා.




ඇන්තනී පවුල කියන්නෙ අපේ රටේ සිටින කලා පවුලක්. මේ ෆැමිලි එකේ දරුවො තුන්දෙනයි. ඒ තුන්දෙනාම බහුවිධ කලා හැකියාවන්ගෙන් සන්නද්ධයි. ජැක්සන් ඇන්තනීට සිටින එකම සහ වැඩිමහල්ම දියණිය මාධවී වත්සලා. ඇය ළඟදිම විවාහ ජීවිතයට පිවෙසෙන්නයි සූදානම. මාධවී විතරක් නෙමෙයි මාධවීගෙ මල්ලිලා දෙන්නත් විවාහයට සූදානමින් ඉන්නෙ. මේ තුන්දෙනාගෙම විවාහ උත්සව එකම දවසක ගන්න එයාලා අදහස් කරගෙන ඉන්නවා. ඉතිං මාධවීගෙ පෙම්වතා විවාහ වෙන්නත් කලින් මාධවීට හොරා හොර වැඩක් සංවිධානය කරනවා. ඇත්තටම මේක සප්රයිස් බර්ත්ඩේ පාටි එකක්. මිලාන්, ඒ කියන්නෙ මාධවීගෙ පෙම්වතා මේ පාටිය සංවිධානය කිරීමේ වගකීම ගන්නවා. නිකන්ම නෙමෙයි මාධවීගෙ යාළුවන්ට පවා දුරකථන ඇමතුම් මාර්ගයෙන් පාටියට ඉන්වයිට් කරනවා. අන්තිමට මාධවීව වැඩේට එක්කරගෙන යන්නෙ යාළුවෙක්ගෙ වෙඩින් ඇන්වසරි එකකට යමු කියලා බොරුවක් ගොතාගෙන. ගිහින් බලද්දි එතන මාධවීට හිතාගන්නවත් බැරි පාටි එකක් ඇරේන්ජ් වෙලා තිබුණා. මාධවීගෙ පවුලේ ඥාතීන්, හිතවතුන්, යාළුවො හැමෝම සහභාගී වුන මේ පාටිය හරිම රසවත් එකක් බවට පත් වුණා. සාමාන්යයෙන් මාධවී උපන්දිනේට පාටි දාන්නෙ නෑලුනෙ. වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා , ළමා නිවාසයකට ගිහිල්ලා තමයි මාධවී උපන්දින සැමරුවෙ. ඒ නිසා මේක මාධවීට වෙනස් අත්දැකීමක්. ඇත්තටම ස්ප්රයිස් එකක්. මේ පාටි එක වෙලාවෙ මිලාන් කට්ටියම ඉස්සරහා දනගහලා මාධවීට රින්ග් එකකුත් දානවා. ඉතිං මාධවී තමන්ගෙ ආදරණීය් පෙම්වතා සම්බන්ධයෙන් හරිම පුදුම වෙනවා. ඒ වගේම සතුටු වෙනවා.Starfriends-Madhavi 2

Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close