Daily News
Trending

මහ දවල් නදීෂාට අතවරයක්?




මේක වෙන්නේ හරියටම නදීෂාගේ උපන්දිනය දවසේ. නදීෂා එයාගේ ඩ්‍රයිවර් එක්ක සුදුපාට ජීප් එකේ ගමනක් යනවා. එයා වාඩිවෙලා හිටියේ පසුපස අසුනක. ජීප් රථය වේගයෙන් ඉස්සරහට ඇදෙනකොට එක පාරටම කවුදෝ තරුණයෙක් ජීප් රථය නතර කරනවා. නදීෂා අඳුරන කෙනෙක් වෙන්න ඇති කියලා හිතලා ඩ්‍රයිවර් වාහනය නවත්තනවා. ඒත් නදීෂා නම් ඔහුව දන්නේ නෑ. කොහොමහරි මේ තරුණයා නම් කියන්නේ එයා නදීෂාගේ ෆෑන් කෙනෙක් කියලා.

නාඳුනන තරුණයෙක් එහෙම කියාගෙන වාහනය නතර කළාම නදීෂා හොඳටම බය වෙනවා. නදීෂා මේ තරුණයාගෙන් දිගින් දිගටම අහන්නේ ඔයා කවුද? ඇයි මෙහෙම කරන්නේ කියලා. ඉතින් තරුණයා කියන්නේ එයා ෆෑන් කෙනෙක් කියලා.

අන්තිමට තරුණයා නදීෂාගේ ජීප් රථයට බලෙන්ම ගොඩවෙන්න හදනවා. ඒ වෙලාවේ නම් නදීෂා හොඳටම බය වෙනවා. ඩ්‍රයිවර්ට යං යං කිව්වත් කොහේ යන්නද? අර තරුණයා ජීප් එකේ එල්ලිලා ඉන්නවානේ.

පස්සේ මේ තරුණයා නදීෂාට සෙල්ෆියක් ගන්න කතා කරනවා. බැරිම තැන නදීෂා ෂටර් එක ළඟට ඇවිත් සෙල්ෆියට ෆේස් කරනවා. තරුණයා ඉන්නේ වාහනයෙන් පිට. ඔහු කියනවා නදීෂාට වාහනෙන් බහින්න කියල. නදීෂා ඒකට නම් චුට්ටක්වත් කැමති වෙන්නේ නැහැ. සෙල්ෆිය ගත්තට පස්සේ නදීෂා තමන් ආපු ගමන යන්න හදනවත් එක්කම ආයෙත් මේ තරුණයා වාහනේ එල්ලෙනවා. එහෙම එල්ලිලා ඔහු කියන දේ දන්නවාද?

හැපි බර්ත්ඩේ නදීෂා. අපි අහවල් චැනල් එකෙන්. එහෙම කිව්වමයි නදීෂගේ ඇඟට ලේ ටිකක් උනන්නේ. පස්සේ නදීෂා ජිප් රථයෙන් බිමට බැහැලා ඒ නිවේදකයාව වැළඳගන්නවා. සියල්ල හොඳ විදියට විසඳිලා තිබුණත් ඒ වෙද්දී නදීෂාගේ ඇඟ පුරාම හිරිගඩු පිපුන විත්තිය නම් ඇය කියනවා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close