Daily News
Trending

මම හිතන්නේ මගේ ඇඬිල්ල සාර්ථකයි. – මාධව විජේසිංහ –




පාසල් පෙම්වතාගේ චරිතය රඟපාමින් රංඟනයට ප්‍රවේශ වුණ මාධව නිවේදන වෘත්තියට සමාන්තරව රංඟනයත් සමබරව කර ගෙන යනවා.

කලින් නම් මාධව විජේසිංහ කිව්වම කාට කාටත් මතකයට ආවේ හොටු පෙරා ගෙන අඬන ආදරවන්තයෙක්. අඬන මියුසික් වීඩියෝ කලාවට මාධව විජේසිංහගේ රූපය නැතිවම බැරි කාලයක් තිබුණා.

ඒ විදියට කරපු පෙනී සිටීම සම්බන්ධයෙන් දැන් මාධවට මොනවද හිතෙනවා ඇත්තේ? ඒවා දකිද්දී ලැජ්ජා හිතෙනවා ඇතිද? අපරාදේ ඒ වගේ බොළඳ වැඩ වලට සම්බන්ධ වුණේ ඇයි කියලා හිතනවා ඇතිද?

මාධව විජේසිංහ නම් කියන්නේ එදා තමන් පෙනී සිටි මියුසික් වීඩියෝ කලාව තමයි ඒ කාලයේ තිබුණ ට්‍රෙන්ඩ් එක කියලා. ඉතිං අඬන මියුසික් වීඩියෝ විශාල වශයෙන් ජනප්‍රිය වුණ කාලයක ඔහු ඒවට පෙනී සිටියලු. ඒ වගේම ඒවා හුඟාක් ජනප්‍රිය වෙනවා කියන්නේ මාධවගේ ඇඬිල්ල අති සාර්ථකයි කියන එකලු.

කාලෙන් කාලෙට එක එක රැලි එනවා. ඉස්සර බෙල්බොටම් කියන විලාසිතාව ජනප්‍රිය වෙච්චි කාලයක් තිබුණා. ඒ කාලේ කොල්ලෝ වැඩි පුරම ඇන්දේ බෙල්බොටම්. අන්න ඒ වගේ අඬන සින්දු ජනප්‍රිය කාලෙදී මාධවත් ඒ කලාවට සම්බන්ධ වෙනවා. ඒ ගැන ඔහුට පසුතැවීමක් නැහැ. දැන් නම් මාධව රංඟනයෙදී වෙනස් නිරූපණයන්ට සම්බන්ධ වන බව පේනවා.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close